Skip to main content

PHOTONIC MICROCHIP



PHOTONIC MICROCHIP  මොලය මෙන් පරිඝණක සදහා



ගබඩා කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මොලයේ ඇති විශේෂිත හැකියාව අනුකරණය කිරීමට විද්‍යාදරයන්  බොහෝ කලක සිට උත්සාහ කරති. මේ වන විට එම ඉලක්කයට ආසන්න විය හැකි (microchip) මයික්‍රොචිපයක් නිර්මාණය කිරීමට පර්යේෂකයින් සමත්ව ඇත.
මෙය EXETER විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් SCIENCE ADVANCED සගරාවට වාර්තාවක් සපයමින් කියා ඇත්තේ ඉතා කුඩා බල ශක්තියකින් විශාල තොරතුරු ප්‍ර‍මාණයක් ගබඩා කල හැකි පරිඝණක නිපදවීමට මෙම මයික්‍රොචිපය භාවිත කල හැකි බවයි. Photonic microchip (ප්‍ර‍කාශ මයික්‍රොචිපයක් වන මෙය විදුලිය නොව ආලෝකය යොදාගෙන මිනිස් මොලයේ Synapses ක්‍ර‍යා කාරීත්වය අනුගමනය කරයි. මොලයේ එතෙරවන ස්නායු සෛල සංධිස්ථාන Synapses (සංකර්පන ) වේ.

.මොලයේ නියුරෝන වලට වඩා  Synapses 1:10,000 අනුපාතයකින් වැඩි බැවින් මොලය මෙන් ක්‍රියා කරන පරිඝණක වල Synaptic අභිරූපන කිරීමේ හැකියාව යම් ආකාරයක ප්‍ර‍චලිත කිරීමක් කල යුතු බව පර්යේෂණ කණ්ඩායමේ සම කතෘ Munster විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Wolfram Pernice පවසයි.

නව Photonic microchip මොලය ආකාරයට ක්‍රියා කරනවා පමණක් නොව එය මොලයට වඩා දහස් වාරයක් වේගයෙන් ක්‍රියා කරන බව හා පරිඝණකය නව යුගයට හෙවත් යන්ත්‍ර‍ය මොලය ආකාරයට ක්‍රියාකිරීම මෙන්ම සිතීමද සිදු කරන යුගයකට එලබෙන බව පර්යේෂකයින් උත්සාහකරනබව පවසති.


ඉලෙක්ට්‍රොනික පරිඝණක සාපේෂව මන්දගාමී වන අතර එහි වේගය වැඩිකරනවිට ශක්ති පරිභෝඡනයද වැඩිවේ. සම්ප්‍ර‍දායක පරිඝණක වලට මිනිස් මොලයේ ක්‍රියායනයට සමාන්තර හැකියාවක් මෙන්ම ඉගෙනීමේ හැකියාවක්ද නැත. අපි මෙම ගැටලු දෙකම නිරාකරණය කලෙමු  යැයි සම කතෘ C . David Wright පවසයි.
නුදුරු අනාගතයේ සිලිකන් ප්‍ර‍කාශ විප්ලවය අධි වේගයෙන් හා ඉහල බලශක්ති ක්ෂමතාවක් සහිත මොලය මෙන් පරිඝණක වලට අමතරව අනෙකුත්  බොහෝ නව උපාංග බිහිවනු ඇති බවට ඔහු තවදුරටත් පවසා ඇත.

............




Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...