DATA වියදම අඩු කරගැනීමට උපදෙස්... WIFI භාවිත නොකරන දුරකතන හෝ ටැබ්ලට්වල ඇති DATA සබදතාව භාවිත කරමින් අන්තර්ඡාලයට සම්බන්ධ වන ඔබට ඇති ප්‍රබලම ගැටලුවක් වන්නේ DATA හෙවත් දත්ත සදහා වැයවන අධික මිලයි.ශ්‍රී ලංකාවේ ඡංගම උපාංග අන්තර්ඡාල වියදම් තරමක් ඉහල බැවින් මෙය අඩුකර ගත හැකි ක්‍රම පිලිබදව අද දැනගනිමු. වත්මන් ඡංගම දුරකලනවල චින්තක බලය සාමාන්‍ය පරිඝණක යන්ත්‍රයට සමාන බැවින් 2G හෝ ඊට පෙර සේවා වලදී මෙන් GPRS වැනි ක්‍රමවේද හරහා ඡංගම දුරකතන සදහා විශේෂයෙන් නිර්මාණය කල අන්තර්ඡාල සංස්කරණ වලට පිවිසීම අවශ්‍ය නොවේ.එබැවින් ඡංගම උපාංගවලින් අන්තර්ඡාලයට වර්තමාණයේ පිවිසෙන්නේ අදාල වෙබ් අඩවියේ ප්‍රධාන සර්වරයටය.මෙය ප්‍රධාන වශයෙන් සකසා ඇත්තේ HD ඡායාරූප, විශ්ෂ FLASH අයිතම හා අනෙක් දත්ත ගොනු සහිතව පරිඝණක වලට ගැලපෙන අයුරිනි.එබැවින් ඡංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් මෙවන් වෙබ් අඩවිවලට පිවිසීම සැබවින්ම මිල අධිකය. නමුත් ඡංගම උපාංගවල කුඩා තිරවලට මෙවන් විශාල දත්ත අවශ්‍ය නොවේ. මෙල...