නින්දට යනවිට ඡංගම දුරකථනය ලග තබා ගන්නවාද?? ස්මාර්ට් ෆෝන් , ටැබ්ලට් හා ඡංගම දුරකථන භාවිත කරන්නන්ගෙන් 63% ක් නින්දට යාමේදී පුරුද්දක් ලෙස ලග තබා ගන්නා බවට පර්යේෂණ වලදී අනාවරණය වී ඇත.තම ඩිවයිස් එක නින්දෙන් අවදි වීම සදහා එලාම් එක වශයෙන්ද භාවිතා කරන බවට ද මෙම පර්යේෂණ වලදී තවදුරටත් අණාවරනය වී ඇත. මෙම මොබයිල් ෆෝන්,ටැබ්ලට් ආදී ඩිවයිස් ලග තබා ගැනීමේ ඇති සෞඛ්‍ය හානි පිලිබදව අද අපි විමසා බලමු. කිසිදු බාහිර සංවේදනයකින් තොරව නින්දක් ලැබීම ඉතා සැපවත් හිතකර නින්දක් ලෙස සැලකිය හැක.දුරකථනය ලගඇති විටදී ඔබ නොදැනුවත්වම ඔබේ යටිසිත ඇමතුමක් හෝ පනිවිඩයක් බලාපොරොත්තුවෙන් සිටී. එය සැපවත් නින්දට ප්‍රබල බාධාවකි.Hyper vigilance ලෙස මෙම තත්වය හදුන්වනු ලබයි. මෙම අයහපත් සිරිත මීටත් වඩා ප්‍රබල අනතුරුදායී තත්වයකට වුවද පත්කල හැක. නිදාසිටිනා විට ඇසේ දෘෂ්ඨිවිතානය බාහිරින් එන බොහොමයක් කදම්භ ඇසට ප්‍රතිග්‍රහණය කිරීමට ඉඩ දෙන්නේ නැත.එහෙයින් රාත්‍රීකාලයේ ඇසට පතිතවන බොහෝ ආලෝක කදම්බ නින්දට බාධාවක් නොවේ. එහෙත් මොබයිල් ෆෝන් හා අනෙකුත් ඩිවයිස් මග...