Skip to main content

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...

     කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.
                               
                                                               

විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි...

විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (red cels ) නිෂ්පාදනයට මෙන්ම , රුධිර කැට ගැසීමේ යාන්ත්‍ර‍නයට වැදගත්වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. ඊට අමතරව ශරීරය තුල විටමින් ඊ ප්‍ර‍තිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින් මුක්ත ඛන්ඩක සහ මේදය මගින් ශරීරයේ අවයව, අස්ථි සහ පටක වලට හානි සිදුවීම වලක්වයි.කෙසේ වුවත් විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් ඇතැම්  සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතී.
විටමින් ඊ මේදයේ දියවන බැවින් මේද පටකවල ගබඩා වේ.එබැවින් වැඩිපුර ගන්නා විටමින් ඊ ද මේද පටක වල ගබඩාවීම හේතුවෙන් සිරුරින් පහසුවෙන් ඉවත් නොවේ. මේරිලෑන්ඩ්  වෛද්‍ය මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයේ (the university of maryland medical center)පර්යේෂකයන්ට අනුව විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් ලේ කැටිගැසීම අකර්මණ්‍ය වේ. සාමාන්‍ය ලෙස රුධිරය කැටිගැසීම , බාහිර තුවාලයක් මගින් රුධිර වහනය වීම සහ අභ්‍යන්තර රුධිර වහනයක් වීම වැලක්වීමට ඉතාමත් වැදගත් වේ. දැනටමත් රුධිරය කැටිගැසීම අඩුකිරීම සදහා ඇස්ප්‍රීන් (Aspirin) , වෝෆරින් (Wayfaring) ,හෝ කොපිඩොග්‍රෙල් (Clopidogrel) , වැනි ඔෟෂධ භාවිත කරමින් සිටී නම් විටමින් ඊ වැඩිපුර ගැනීම මගින් සිරුරේ අභ්‍යයන්තරව හෝ බාහිර රුධිර වහනයක් වීමට ඇති අවදානම තවත් වැඩිකරයි. විටමින් ඊ මෙසේ වැඩිපුර ගැනීම ශල්‍යකර්මයක් අවස්ථාවකදී රුධිරය වහනය වීමේ වැඩි අවදානමක් පවතින බව ලයිනස් පෝලින් ආයතනයේ (The Linus Pauling Institute)
පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.



සිරුරේ විටමින් ඊ අතිරික්ත විටදී සිරුර තුලදී  අනෙකුත් ඖෂධ වර්ග ගණනාවක් සමග අන්තර් ක්‍රියා කිරීමද සිදුවේ.මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයට අනුව විටමින් ඊ මගින් ප්‍ර‍තිවිශාද(Antidepressant) ඖෂධ සිරුරට අවශෝෂණය කරගැනීම අඩුකරනබවත් , එනිසා ඖෂධවල ක්‍රියාකාරීත්වයත් අඩු කරනබව සොයාගෙන ඇත.ඩෙසිප්‍ර‍ීන් (Desipramine) නමැති ඖෂධයේ මෙය බහුලව දක්නට ලැබී ඇත. එමෙන්ම විටමින් ඊ මගින් ක්ලෝප්‍ර‍සින්(Chlopromazine),  අධික රුධිර පීඩනයට ප්‍ර‍තිකාරලෙස ලබාදෙන ඇතැම් ඖෂධ සහ කොලෙස්ටරෝල් සදහා ලබාදෙන ස්ටැටින් (statin) ආදී ඖෂධ පවා සිරුරට අවශෝෂණය කරගැනීම සැලකියයුතු ලෙස අඩුකරයි. පිළිකා සදහා රසායනික චිකිත්සා ප‍්‍ර‍තිකාරලෙස ලබාදෙන ඖෂධ වල ගුණාත්මක භාවයද විටමින් ඊ මගින් අඩුකරපන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.



වැඩිහිටියන් සදහා , විටමින් ඊ වලින් සිරුරට වන හානිය අවම වන පරිදි ගතහැකි උපරිම ප්‍ර‍මාණය දිනකට අන්තර්ඡාතික ඒකක 1500ක් වේ. කුඩා දරුවන් සදහා එම ප්‍ර‍මාණය අන්තර්ඡාතික ඒකක 300ක් වන අතර නව යොවුන් දරුවන් සදහා එම ප්‍ර‍මාණය දිනකට අන්තර්ඡාතික ඒකක 1200ක් වේ. එසේ වුවත් සෞඛ්‍යතත්වය පවත්වාගෙනයාමට අවශ්‍ය නිර්දේශිත ප්‍ර‍මාණයන් එම අගයන්වලටත් වඩා විශාල ලෙස අඩුය. නව යොවුන් දරුවන් හා වැඩිහිටියන් සදහා අවශ්‍යවන්නේ දිනකට විටමින් ඊ අන්තර්ඡාතික ඒකක 28.5 කි. කුඩා දරුවන් සදහා දිනකට අවශ්‍ය විටමින් ඊ ප්‍ර‍මාණය 6-16.5 අතර වේ.

උපුටාගැනීම - http://www.webmd.com/vitamins-supplements/ingredientmono-954-vitamin%20
              Nayana Wijeratne-STO ,Yatinuwara













Comments

Popular posts from this blog

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...