Skip to main content

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...

     කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.
                               
                                                               

විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි...

විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (red cels ) නිෂ්පාදනයට මෙන්ම , රුධිර කැට ගැසීමේ යාන්ත්‍ර‍නයට වැදගත්වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. ඊට අමතරව ශරීරය තුල විටමින් ඊ ප්‍ර‍තිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින් මුක්ත ඛන්ඩක සහ මේදය මගින් ශරීරයේ අවයව, අස්ථි සහ පටක වලට හානි සිදුවීම වලක්වයි.කෙසේ වුවත් විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් ඇතැම්  සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතී.
විටමින් ඊ මේදයේ දියවන බැවින් මේද පටකවල ගබඩා වේ.එබැවින් වැඩිපුර ගන්නා විටමින් ඊ ද මේද පටක වල ගබඩාවීම හේතුවෙන් සිරුරින් පහසුවෙන් ඉවත් නොවේ. මේරිලෑන්ඩ්  වෛද්‍ය මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයේ (the university of maryland medical center)පර්යේෂකයන්ට අනුව විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් ලේ කැටිගැසීම අකර්මණ්‍ය වේ. සාමාන්‍ය ලෙස රුධිරය කැටිගැසීම , බාහිර තුවාලයක් මගින් රුධිර වහනය වීම සහ අභ්‍යන්තර රුධිර වහනයක් වීම වැලක්වීමට ඉතාමත් වැදගත් වේ. දැනටමත් රුධිරය කැටිගැසීම අඩුකිරීම සදහා ඇස්ප්‍රීන් (Aspirin) , වෝෆරින් (Wayfaring) ,හෝ කොපිඩොග්‍රෙල් (Clopidogrel) , වැනි ඔෟෂධ භාවිත කරමින් සිටී නම් විටමින් ඊ වැඩිපුර ගැනීම මගින් සිරුරේ අභ්‍යයන්තරව හෝ බාහිර රුධිර වහනයක් වීමට ඇති අවදානම තවත් වැඩිකරයි. විටමින් ඊ මෙසේ වැඩිපුර ගැනීම ශල්‍යකර්මයක් අවස්ථාවකදී රුධිරය වහනය වීමේ වැඩි අවදානමක් පවතින බව ලයිනස් පෝලින් ආයතනයේ (The Linus Pauling Institute)
පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.



සිරුරේ විටමින් ඊ අතිරික්ත විටදී සිරුර තුලදී  අනෙකුත් ඖෂධ වර්ග ගණනාවක් සමග අන්තර් ක්‍රියා කිරීමද සිදුවේ.මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථාන විශ්වවිද්‍යාලයට අනුව විටමින් ඊ මගින් ප්‍ර‍තිවිශාද(Antidepressant) ඖෂධ සිරුරට අවශෝෂණය කරගැනීම අඩුකරනබවත් , එනිසා ඖෂධවල ක්‍රියාකාරීත්වයත් අඩු කරනබව සොයාගෙන ඇත.ඩෙසිප්‍ර‍ීන් (Desipramine) නමැති ඖෂධයේ මෙය බහුලව දක්නට ලැබී ඇත. එමෙන්ම විටමින් ඊ මගින් ක්ලෝප්‍ර‍සින්(Chlopromazine),  අධික රුධිර පීඩනයට ප්‍ර‍තිකාරලෙස ලබාදෙන ඇතැම් ඖෂධ සහ කොලෙස්ටරෝල් සදහා ලබාදෙන ස්ටැටින් (statin) ආදී ඖෂධ පවා සිරුරට අවශෝෂණය කරගැනීම සැලකියයුතු ලෙස අඩුකරයි. පිළිකා සදහා රසායනික චිකිත්සා ප‍්‍ර‍තිකාරලෙස ලබාදෙන ඖෂධ වල ගුණාත්මක භාවයද විටමින් ඊ මගින් අඩුකරපන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත.



වැඩිහිටියන් සදහා , විටමින් ඊ වලින් සිරුරට වන හානිය අවම වන පරිදි ගතහැකි උපරිම ප්‍ර‍මාණය දිනකට අන්තර්ඡාතික ඒකක 1500ක් වේ. කුඩා දරුවන් සදහා එම ප්‍ර‍මාණය අන්තර්ඡාතික ඒකක 300ක් වන අතර නව යොවුන් දරුවන් සදහා එම ප්‍ර‍මාණය දිනකට අන්තර්ඡාතික ඒකක 1200ක් වේ. එසේ වුවත් සෞඛ්‍යතත්වය පවත්වාගෙනයාමට අවශ්‍ය නිර්දේශිත ප්‍ර‍මාණයන් එම අගයන්වලටත් වඩා විශාල ලෙස අඩුය. නව යොවුන් දරුවන් හා වැඩිහිටියන් සදහා අවශ්‍යවන්නේ දිනකට විටමින් ඊ අන්තර්ඡාතික ඒකක 28.5 කි. කුඩා දරුවන් සදහා දිනකට අවශ්‍ය විටමින් ඊ ප්‍ර‍මාණය 6-16.5 අතර වේ.

උපුටාගැනීම - http://www.webmd.com/vitamins-supplements/ingredientmono-954-vitamin%20
              Nayana Wijeratne-STO ,Yatinuwara













Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන අවස්තාවලදී දෙනු ලබන

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේලාවකට පසු රුධිර සීනි මට්ටම පර