Skip to main content

To Beat Diabetes


දියවැඩියාව පරදන්නට නම්


     
      රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක.
දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ.

දියවැඩියා රෝගයට බලපාන හේතු


  1. මානසික ආතතිය
  2. ආරය
  3. තරබාරුකම
  4. අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම
  5. උපත් බර අඩු දරුවන්
  6. ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන්
දියවැඩියා රෝග ලක්ෂණ

  1. තොල කට වියලීම
  2. නිතර පිපාසය
  3. තෙහෙට්ටුගතිය
  4. නිතර ඇතිවන කුසගින්න
  5. ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම
  6. රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම



රෝග විනිශ්ච පරීක්ෂණ

  1. ආහාර ගෙන මද වේලාවකට පසු රුධිර සීනි මට්ටම පරීක්ෂාව.( postprandial blood sugar). සාමාන්‍ය අගය 140 dl/mg 
  2. නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood sugar)  රාත්‍රී කාලය පැය 12ක් නිරාහාරව සිට රුධිරය පරීක්ෂා කිරීම.  සාමාන්‍ය අගය 65 - 105 dl/mg
  3. GTT (GLUCOSE TOLERANCE TEST )  

දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම්

සාමාන්‍ය                         -          නිරාහාර රුධිර සීනි මට්ටම               - 100 mg/dl ට අඩු
                                                  ආහාර ගෙන පැය දෙකකට පසු        - 126 mg/dl ට අඩු

පූර්ව දිය වැඩියා තත්වය -          නිරාහාර රුධිර සීනි මට්ටම                - 100 - 126 mgdl
                                                  ආහාර ගෙන පැය දෙකකට පසු        -140 mg/dl

දියවැඩියා තත්වය          -           නිරාහාර රුධිර සීනි මට්ටම               -126 mg/dl වැඩි
                                                  ආහාර ගෙන පැය දෙකකට පසු        - 200 mg/dl හෝ වැඩි



ඝර්භනී විට දිය වැඩියාව පරීක්ෂා කලයුතු මව්වරු

  1. පෙර අවස්ථාවලදී ගබ්සා වලට ලක්වූ අය
  2. ස්ථූල ශරීර අැති අය
  3. වැඩි උපත් බර ඇති දරුවන් ඇති මව්වරු
  4. දියවැඩියා ඉතිහාසයක් ඇති මව්වරු
  5. පෙර ඝර්භනී අවස්තාවන්හිදී දියවැඩියාවෙන් පෙලුනු අය









Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...