Skip to main content

Natural Ways To Heal Cavities

ස්වභාවිකව දත් කුහර ප්‍ර‍කෘතිමත් කරන්නේ කෙසේද ??


නරක් වූ දත් ප්‍ර‍කෘතිමත්කරහැකි ක්‍ර‍යක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.ඇල්සයිමර් රෝගය සදහා ප්‍ර‍තිකාර කිරීමට යොදාගන්නා ඔෘෂධයක් මගින් මෙලෙස දත් කුහර ප්‍ර‍කෘතිමත් කිරීමට හැකි බව මෙම විද්‍යාඥයින් සොයාගෙන ඇත.මෙමගින් දත්වල පවතින ඝණ අක්ෂි පටල නැවත ස්වභාවිකව සකස් කිරීමට උපකාරිවන ස්ටෙම් සෛල වර්ධනය උත්දීපනය කරනු ලැබේ.

දත් කුහර හා දත් දිරායාම සදහා දන්ත වෛද්‍යවරු දැනටමත් ප්‍ර‍තිකාර කලද සැමවිටම එමගින් සෑහීමට පත් විය නොහැක.
මෙම කුහර පිරවීම සදහා භාවිත කරන බදාම පසුව පලුදුවීම හෝ කොටස්වලට කැඩීයාම හේතුවෙන් බොහෝවිට වෛද්‍යවරයාට නැවත වතාවක් වඩා විශාල දත් කුහර වලට ප්‍ර‍තිකාර කිරීමට හෝ දත ගලවා දැමීමට පවා සිදුවන අවස්තා ඇත.එනමුත් tideglusib නම් ඔෘෂධය භාවිතයෙන් දත් කුහර සදහා ප්‍ර‍තිකාර කිරීමෙන් පර්යේෂකයෝ සුවිශේෂි කාර්යයක් කර ඇත.


දත් විවිද ස්ථරවලින් පවතී.දතෙහි ඉහලම ස්තරය තද එනමලයකින් පවතින අතර යටින් වූ දන්තනියේ ඝණකම් ස්ථරය මගින් ඉතා මෘදු පල්පවන් මදය ආවරණය කර ඇත. දතේ අභ්‍යන්තරයේ ස්ටේම් සෛල පවතී. එමගින් දත් කුහරයේ ගැබුර මත බදාම මගින් ප්‍ර‍කෘතිමත් කිරීම සීමා සහිත වේ.


මේ පිලිබදව පර්යේෂණය කල පර්යේෂන කන්ඩායම මීයන්ගේ දත් කුහර සදහා ඡෛව ඡීරන විශේෂක ස්පොන්ඡයක් TIDEGLUSIB මගින් පොගවා ප්‍ර‍තිකාරලෙස භාවිත කරන ලදී.යම් කාලයකට පසු එම ස්පොන්ඡය අලුතින් ගොඩනැගුනු දන්තය බවට පත්වී ඇත.එනම් දත් ස්ටෙම් සෛල වඩාත් වේගයෙන් වර්ධනය කර ගැනීම මගින් ස්වභාවිකවම දත් කුහර වසා ගෙන ඇත. මේ සදහා යොදාගනුලැබූ ඔෘෂධය මේ වනවිටත් වෙනත් රෝග සදහා යොදාගෙන ඇත.එහෙයින් එය ඉතා ඉක්මනින් සායන මට්ටමෙන් භාවිත කිරීමට අවස්තාව උදා වනු ඇත.

පිලිගත් විද්‍යාත්මක ප්‍ර‍භව ඇසුරිනි...........

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...