Skip to main content

AYURVEDA MEDICINE FOR HEADACHE








                  හිසරදයෙන් පීඩා නොවිදපු අයෙක් මිහිපිට නොමැති බව අපගේ වැටහීමයි.නොයෙකුත් අවස්තාවලදී විවිධ හේතූන්ගෙන් හටගන්නා හිසරදය සමහර රෝගවල ලක්ෂණයක් ලෙසද පෙන්වා දිය හැක.
හිසරද අවස්තා ලෙස සෙම් සහිත හිසරදය වාතය සහිත (සයිනසයිටීස්) හිසරදය මෙන්ම මානසික පීඩනය මත  ද හිසරදය ඇතිවේ.


ඒ අවස්තා අතර සර්ප විෂ සහ වෙනත් විෂ ශරීරගත වීමෙන් ඇතිවන හිසරදය හා ප්‍රතිශ්‍යාව උණ ඉරුවාරදය වැනි රෝග අවස්තා ද හමුවේ.හිසරදයට ප්‍රතිකාර හේතුවට අනුව යෙදිය යුතුවේ.


හිසරදය සදහා පොදුවේ යෙදිය හැකි ප්‍රතිකාර කීපයක්

01  .  අරලු කොහොබ දුම්මැල්ල කලාදුරු අල වියලි කහ ලුණුවිල සුදු හදුන් රසකිද කලං 01 මද 10 ගානෙ ගෙන
වතුර කෝප්ප අට එකට සිද පත බාගෙ බැගින් උදේ සවස බොන්න.


02  . අරලු බුලු නෙල්ලි බිං කොහොඹ වියලි කහ කොහොඹ පොතු රසකිද කලං 01 මදට 14 ගානෙ ගෙන වතුර කෝප්ප 8 1ට සිද කෝප්ප 1/2 බැගින් උදේ සවස බොන්න.


03  . බෙලි මුල් බැබිල මුල් ඉගුරු කලං 4 ගානෙ ගෙන වතුර කෝප්ප 8  1ට සිද කෝප්ප 1/2 බැගින් උදේ සවස බොන්න.


සෙම සහිතව පවතින හිසරදයට

දේවධාර කොත්තමල්ලි ඉගුරු එලබටු කටුවැල්බටු කලං 2 මදට 8 ගානෙ ගෙන වතුර පත 8  1ට සිද කෝප්ප 1/2 බැගින් උදේ සවස බොන්න.






 

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේ...

‍FISH OIL IS AN AMBROSIA ??

 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ????  .                              සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත. නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක. එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම ...