Skip to main content

Printed Heart


අච්චුගැසූ මිනිස් හදවත



       ලෝකය වෙනස් කරන ත්‍රිමාණ මුද්‍රණය 
ත්‍රිමාණ මුද්‍රණය පුදුම ආකාරයකින් ලෝකය වෙනස් කිරීමට සමත් වී ඇත. යම් වස්තුවක ත්‍රිමාණ ඩිඡිටල් එකතුවක් මගින් එම තිිමාණ ඩිඡිටල් එකතුව සැබෑ භෞතික වස්තුවක් ලෙස නිර්මාණය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය මගින් හැනියාව ලැබී ඇත.මෙම ක්‍රියාවලිය අදියර දෙකකින් යුක්ත වේ. එහි පළමු අදියර ලෙස ඔබ විසින් නිර්මාණය කළ හෝ අන්තර්ඡාලයෙන් සොයාගත් ත්‍රිමාණ ඩිඡිටල් වස්තුවක රූපය සකසා ගැනීමයි.
දෙවන පියවර එම ත්‍රිමාණ ඩිඡිටල් වස්තු රූපය ත්‍රිමාණ ඩිඡිටල් යන්ත්‍රය වෙතට යොමුකර එම වස්තු රූපය සැබෑ භෞතික වස්තුවක් බවට පරිවර්තණය කර ගැනීමයි.ත්‍රිමාණ ඩිඡිටල් වස්තු රූපය මෙහිදී කුඩා ස්ථර වශයෙන් යන්ත්‍රය හදුනාගෙන එම ස්ථර එක මත එක ස්ථර ලෙස පවතින ලෙසට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය මගින් මුද්‍රණය කිරීමෙන් වස්තුව ගොඩ නංවනු ලබයි.
                                   
                             මේ ආකාරයට සිතට නැගෙන්නා වූ නිර්මාණය ත්‍රිමාණ ඩිඡිටල් වස්තු රූපයක් වුවද එය සත්‍ය භෞතික වස්තුවක් බවට පත්කිරීමට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයට හැකියාවක් පවතී.
ත්‍රිමාණ මුද්‍රණය සදහා රත්තරන්,රිදී,මල නොබැදෙන වානේ,තඔ වැනි විවිධ ලෝහ වර්ග,විනිවිද පෙනෙන ශක්තිමත්,නම්‍යශීලී,විවිධ වර්ණ වලින් යුත්,සියුම් නිමාවන් කල හැකි ගුණයන්ගෙන් යුත් ප්ලාස්ටික් වර්ග,පිගන් මැටි,ඩයි වර්ග,වෙල්වට්,ස්ප්‍ර් ආලේපන ආදී විවිධ 60 කට වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගනී.

       ත්‍රිමාණ මුද්‍රණය පිටපත් කිරීමේ හිමිකම

                 ත්‍රිමාණ මුද්‍රණය සදහා පිටපත් කිරීමේ හිම්කම් අහුරා නොමැති ඕනෑම වස්තුවක් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය මගින් භෞතික වස්තුවක් බවට පත්කොට අලෙවි කිරීමේ හැකියාව පවතී.

           අනාගතයේදී ඕනෑම අයෙකුට ත්‍රිමාණ මුද්‍රණය හා සම්බන්ධව කටයුතු කල හැක. රුධිර සෛල,සමේ පටක මෙන්ම වෙනත් අයෙකුගේ හදවතක් වෙනුවට රෝගියාගේම ඡාන හා සෛල භාවිතයෙන් තිබූ සඡීවී හදවතටම සමාන හදවතක් නිර්මාණය කිරීමේ හැකියාව පවතී.
ස්වභාවයෙන් නිර්මාණය වී ඇති කොරල්පර නිර්මාණය සදහා වසර 1000ක් පමණ ගතවේ.එම කොරල්පර ත්‍රිමාණ මුද්‍රණය මගින් නිර්මාණය කිරීමට විශේෂඥයින් උනන්දුවන බව සදහන් වේ.

3D Printing වෙබ් පිටු තුළින් ඔබට මේ පිළිබද වැඩි විස්තර ලබා ගත හැක.

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේ...

‍FISH OIL IS AN AMBROSIA ??

 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ????  .                              සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත. නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක. එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම ...