Skip to main content

Printed Heart


අච්චුගැසූ මිනිස් හදවත



       ලෝකය වෙනස් කරන ත්‍රිමාණ මුද්‍රණය 
ත්‍රිමාණ මුද්‍රණය පුදුම ආකාරයකින් ලෝකය වෙනස් කිරීමට සමත් වී ඇත. යම් වස්තුවක ත්‍රිමාණ ඩිඡිටල් එකතුවක් මගින් එම තිිමාණ ඩිඡිටල් එකතුව සැබෑ භෞතික වස්තුවක් ලෙස නිර්මාණය කිරීමට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය මගින් හැනියාව ලැබී ඇත.මෙම ක්‍රියාවලිය අදියර දෙකකින් යුක්ත වේ. එහි පළමු අදියර ලෙස ඔබ විසින් නිර්මාණය කළ හෝ අන්තර්ඡාලයෙන් සොයාගත් ත්‍රිමාණ ඩිඡිටල් වස්තුවක රූපය සකසා ගැනීමයි.
දෙවන පියවර එම ත්‍රිමාණ ඩිඡිටල් වස්තු රූපය ත්‍රිමාණ ඩිඡිටල් යන්ත්‍රය වෙතට යොමුකර එම වස්තු රූපය සැබෑ භෞතික වස්තුවක් බවට පරිවර්තණය කර ගැනීමයි.ත්‍රිමාණ ඩිඡිටල් වස්තු රූපය මෙහිදී කුඩා ස්ථර වශයෙන් යන්ත්‍රය හදුනාගෙන එම ස්ථර එක මත එක ස්ථර ලෙස පවතින ලෙසට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය මගින් මුද්‍රණය කිරීමෙන් වස්තුව ගොඩ නංවනු ලබයි.
                                   
                             මේ ආකාරයට සිතට නැගෙන්නා වූ නිර්මාණය ත්‍රිමාණ ඩිඡිටල් වස්තු රූපයක් වුවද එය සත්‍ය භෞතික වස්තුවක් බවට පත්කිරීමට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයට හැකියාවක් පවතී.
ත්‍රිමාණ මුද්‍රණය සදහා රත්තරන්,රිදී,මල නොබැදෙන වානේ,තඔ වැනි විවිධ ලෝහ වර්ග,විනිවිද පෙනෙන ශක්තිමත්,නම්‍යශීලී,විවිධ වර්ණ වලින් යුත්,සියුම් නිමාවන් කල හැකි ගුණයන්ගෙන් යුත් ප්ලාස්ටික් වර්ග,පිගන් මැටි,ඩයි වර්ග,වෙල්වට්,ස්ප්‍ර් ආලේපන ආදී විවිධ 60 කට වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යොදාගනී.

       ත්‍රිමාණ මුද්‍රණය පිටපත් කිරීමේ හිමිකම

                 ත්‍රිමාණ මුද්‍රණය සදහා පිටපත් කිරීමේ හිම්කම් අහුරා නොමැති ඕනෑම වස්තුවක් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය මගින් භෞතික වස්තුවක් බවට පත්කොට අලෙවි කිරීමේ හැකියාව පවතී.

           අනාගතයේදී ඕනෑම අයෙකුට ත්‍රිමාණ මුද්‍රණය හා සම්බන්ධව කටයුතු කල හැක. රුධිර සෛල,සමේ පටක මෙන්ම වෙනත් අයෙකුගේ හදවතක් වෙනුවට රෝගියාගේම ඡාන හා සෛල භාවිතයෙන් තිබූ සඡීවී හදවතටම සමාන හදවතක් නිර්මාණය කිරීමේ හැකියාව පවතී.
ස්වභාවයෙන් නිර්මාණය වී ඇති කොරල්පර නිර්මාණය සදහා වසර 1000ක් පමණ ගතවේ.එම කොරල්පර ත්‍රිමාණ මුද්‍රණය මගින් නිර්මාණය කිරීමට විශේෂඥයින් උනන්දුවන බව සදහන් වේ.

3D Printing වෙබ් පිටු තුළින් ඔබට මේ පිළිබද වැඩි විස්තර ලබා ගත හැක.

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...