Skip to main content

Do not sleep with your Mobile


නින්දට යනවිට ඡංගම දුරකථනය ලග තබා ගන්නවාද??




        ස්මාර්ට් ෆෝන් , ටැබ්ලට්  හා ඡංගම දුරකථන භාවිත කරන්නන්ගෙන් 63% ක් නින්දට යාමේදී පුරුද්දක් ලෙස ලග තබා ගන්නා බවට පර්යේෂණ වලදී අනාවරණය වී ඇත.තම ඩිවයිස් එක නින්දෙන් අවදි වීම සදහා එලාම් එක වශයෙන්ද භාවිතා කරන බවට ද මෙම පර්යේෂණ වලදී තවදුරටත් අණාවරනය වී ඇත.

      මෙම මොබයිල් ෆෝන්,ටැබ්ලට් ආදී ඩිවයිස් ලග තබා ගැනීමේ ඇති සෞඛ්‍ය හානි පිලිබදව අද අපි විමසා බලමු.
කිසිදු බාහිර සංවේදනයකින් තොරව නින්දක් ලැබීම ඉතා සැපවත් හිතකර නින්දක් ලෙස සැලකිය හැක.දුරකථනය ලගඇති විටදී ඔබ නොදැනුවත්වම ඔබේ යටිසිත ඇමතුමක් හෝ පනිවිඩයක් බලාපොරොත්තුවෙන් සිටී. එය සැපවත් නින්දට ප්‍රබල බාධාවකි.Hyper vigilance ලෙස මෙම තත්වය හදුන්වනු ලබයි. මෙම අයහපත් සිරිත මීටත් වඩා ප්‍රබල අනතුරුදායී තත්වයකට වුවද පත්කල හැක.
   නිදාසිටිනා විට ඇසේ දෘෂ්ඨිවිතානය බාහිරින් එන බොහොමයක් කදම්භ ඇසට ප්‍රතිග්‍රහණය කිරීමට ඉඩ දෙන්නේ නැත.එහෙයින් රාත්‍රීකාලයේ ඇසට පතිතවන බොහෝ ආලෝක කදම්බ නින්දට බාධාවක් නොවේ.
එහෙත් මොබයිල් ෆෝන් හා අනෙකුත් ඩිවයිස් මගින් නිකුත්කරනු ලබන බොහෝ නිල් ආලෝක කදම්බ රාත්‍රී කාලයේදී දෘෂ්ඨිවිතානය හරහා ඇතුලට ගමන් කර ඔබේ නින්දට බාධා කරයි.මෙමගින් ඔබේ ඡෛව ඔරලෝසුවේ තුලිතතාව බිදවැටීමට හේතු වේ. එහෙයින් උදෑසන අවදි වීමේදී උද්යෝගය,අවදිබව හීනවී යාම ඇතිවේ.මේ හේතුවෙන් ඔබේ දහවල කටයුතු ඔබ නොදැනුවත්වම මග හැරී යයි.

එහෙයින් නිදාගන්නා විට ඔබේ ඡංගම දුරකථනය,ටැබ් එක ලග තබා ගැනීමෙන් වලකින්න.වෙනත් කාමරයක තබන්න. මෙමගින් සුවදායී නින්දක් ඔබට ලගා කර ගත හැක.

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...