Skip to main content

THEY KILLED GALAPAGOS TORTOISE


ගලපාගොස් ගණයට අයත් ඉබ්බා මරා දමයි.....


ගලපාගොස් ගණයට අයත් ඉතා දුර්ලභ ගණයේ ඉබ්බෙකු මරා දමා ඇති බවට කැලිෆෝනියා සත්වෝද්‍යානයකින් වාර්තා වේ.
මේ පිලිබදව වැඩිදුර දැනගන්න කියවන්න ..මෙතනින්......
http://wistharalokaya.blogspot.com/2015/07/they-killed-galapagos-tortoise.html

දිනපතා යාවත්කාලීනවන නවතම තොරතුරු රැගත් ඔබේම බ්ලෝක් පිටුව "විස්තර ලෝකය" .......





.



                              කැලිෆෝනියා සත්වෝද්‍යානයේ වසර 150 වන ගලපාගොස් ගණයට අයත් ඉබ්බෙකු මරා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇති බවට එරට වාර්තාවක් සදහන් කරයි. ස්පීඩ් නමින් නම් කර ඇති මෙම සත්වයා මාස කිහිපයක් ආතරයිටීස් රෝගයෙන් පෙලී සිටි බවට වාර්තා වේ.ප්‍රතිකාර කරමින් සිටියද කිසිදු සුවයක් ලබා නොමැති අතර තත්වය දිගින් දිගටම උග්‍ර අතට පත්වී ඇත.මේ හේතුවෙන් වෛද්‍යවරු මෙම තීරණය ගෙන ඇත.

සත්වෝද්‍යාණයේ සේවක මණ්ඩලයට අයත් වෛද්‍යවරු හා අනෙකුත් සියලුදෙනා ස්පීඩ් බේරා ගැනීමට මහත් වෙහෙසක් දරා ඇත.වදවීමේ තර්ඡනයට පත්ව සිටින මෙම ඉබි ගණය ආරක්ෂාකරගැනීම සදහා කැලිෆෝනියාවට ගෙනගොස් ඇත්තේ වසර 1933 දීය.


මෙම සත්වයාට දාව පැටවුන් 90ක් බිහි කරවා ගැනීමට සත්වෝද්‍යාන නිලධාරීන් සමත්ව ඇත.මෙසේ බෝකරගත් ඉබ්බන් වෙනත් රටවල සත්වෝද්‍යානවලට යවා ඇත.මේ වනවිට මෙම සත්වෝද්‍යානයේ ගලපාගොස් ගණයේ ඉබ්බන් 13 ක් වෙසෙන බවට සදහන් වේ.


උපුටාගැනීම www.rivira.lk වෙතින්.....







Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...