Skip to main content

SKYPE TRANSLATOR



WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR

SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ...

සියලු විස්තර දැනගන්න , කියවන්න

LINK

http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html






         සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.

                  මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.

      ඔබට windows 8 හේ 8.1 පරිඝණකයක් තිබේනම් goo.gl/SZ7 මගින් හෝ MICROSOFT STORE හා SKYPE TRANSLATOR ලෙස search කර ඔබේ පරිඝණකයටත් Skepe Translator preview සංස්කරණය ලබා ගත හැකිය. මෙම මෘදුකාංගය සඡීවීව හා තාක්ෂණිකව ඔබ මයික්‍රොෙෆා්ණයට පවසන දෙය හෝ ඔබ IM හි ටයිප් කරන දෙය වෙනත් භාෂාවකට පරීවර්ථනය කිරීමට හැකිය.දැනට මෙයට ඉංග්‍රීසි,ස්පාඥ්ඥ,ඉතාලි හා මැන්ඩරින් (චීන) යන භාෂා එකිනෙකට පෙරළීමට හැකි අතර UPDATES හරහා තවත් භාෂා සහ පහසුකම් එක් කෙරෙනු ඇත.

     SKYPE TRANSLATOR ක්‍රියා කරවීම ඉතාමත් පහසුවෙන් කල හැකිය.ඔබ කල යුත්තේ SKYPE CONTACT එකක්‍ තෝරාගෙන එහි TRANSLATOR SETTINGS "ON" කිරීමයි.ඉන්පසු ඔබට එම අදාල පුද්ගලයාගේ භාෂාව තෝරා ගත හැකිය.ඔබ VOICE CALL එකක් ගන්නේ නම් ඔබ පවසන වැකිය පැවසූ පසු සුලු වේලාවකින් එය අනෙක් පුද්ගලයාගේ භාෂාවට පරිවර්තනය වී යාන්ත්‍රික හඩකින් පරිවර්තිත වාක්‍යයක් අනෙක් පුද්ගලයාට ඇසෙනු ඇත.මෙම හඩ ඔබට අවශ්‍ය පරිදි ගැහැණු හෝ පිරිමි පෞරෂයකින් තෝරා ගත හැක.ඔබට voice call හෝ video call ද මේ ආකාරයට හැසිරවිය හැකි අතර ඔබේ text mes‍sage ද මෙමගින් අවශ්‍ය භාෂාවකට පරිවර්තනය කෙරෙනු ඇත.කෙසේ වුවද Microsoft සමාගම පවසන්නේ Voice Call සදහා mic එකක් සහිත headset එකක් භාවිත කිරීම වඩාත් කාර්යක්ෂම බවයි.

හැමෝටම දැනගන්න මෙම ලිපිය SHARE  කරන්න අමතක කරන්න එපා.......


උපුටා ගැනීම "රූ පරිඝණක සගරාව" ............

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේ...

‍FISH OIL IS AN AMBROSIA ??

 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ????  .                              සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත. නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක. එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම ...