Skip to main content

" SELFIE"



APPS FOR SELFIE .....

SELFIE කලාවට කැමති ඔබට වැදගත් තොරතුරු ගොන්නක් ...
      
          දැනගන්න   කියවන්න  විස්තර ලෝකයක්
මෙහි CLICK කරන්න..
                   http://wistharalokaya.blogspot.com/2015/06/selfie.html


front back (iOS/android)





















තම දුරකතනයෙන් තමන්ගේම ඡායාරූප ගන්නා Selfi කලාවට කැමති ඔබට මෙම ඇප් ගොන්න වැදගත් වනු ඇත.
පලමුව iOS සදහා හදුන්වාදුන් මෙම ඇප් එක දැන් ඇන්ඩ්‍රොයිඩ් සදහාද නිකුත් කර ඇත. මෙමගින් ඔබට අතිරේක සීරු මාරු කිරීමු වලින් තොරව දුරකතනයේ ඉදිරිපස හා පිටුපස කැමරා භාවිත කර එකම රාමුවක පිහිටන ඡායාරූප දෙකක් ලබා ගත හැකිය. මීට අමතරව මෙහි "self timer" පහසුකම photo වලට location හා comment එක්කර තාක්ෂණිකව සමාඡ ඡාල වලට upload කිරීමේ හැකියාවද අඩදගු කර තිබීම අතිරේක වාසි ලෙස හැදින්විය හැකිය.


 Camera for Facebook (android)



















         මෙහි නම සදහන් වන ආකාරයට ඔබ මෙම ඇප් එක මගින් ලබාගන්නා ඡායාරූප ක්ෂණිකව පහසුවෙන් සමාඡ වෙබ් අඩවි වලට upload කිරීමට අමතරව විවිධාකාර filters ගනනාවක් භාවිත කර ඔබේ ඡායාරූප edit කිරීමටද මෙමගින් හැකියාව ලැබේ . මීට අමතරව ආකර්ෂණීය photo frames photo මත text type කිරීමේ හැකියාව self - timer පහසුකමෙහි ඇතුලත් ය.


Candy Camera (iOS/ android )





Candy camera for self නමින් play store හි ද, Candy camera යන නමින් Apple Store හි ද, දක්නට ලැබෙන මෙම කුඩා වුවත් ප්‍රබල ඇප් එක ඉතා පහසුවෙන් භාවිත කල හැකි සරල අතුරු මුහුණතකින් සමන්විතය.මෙහි විවිධාකාර Filters විශාල ප්‍රමාණයක් හා මුහුණතෙහි ලප / කැලැල් බවත් කළ හැකි විශේෂාංගද ඇතුළත්ය.


Perfect 365- One Tap Make Over  ( iOS/ android)




            Candy Camera හි ඇති Make Up පහසුකම තවත් සුවිසල් පරිමාණයකට ගෙනගිය මුහුණත පෙනුම , කැලැල් ඉවත් කර,make up කර සම්පූර්ණයෙන්ම අලංකාර කිරීමට මෙම ඇප් එකට හැකියාව ඇත.වෘත්තිය මට්ටමේ make up app එකක් වන මෙය හරහා ඔබ මුහුණ සකස් කිරීමට පෙර හා පසු සන්සන්දනය කිරීමට හා සමාඡ වෙබ් අඩෙවි වලට පහසුවෙන් upload කිරීමේ හැකියාවද මෙහි ඇතුලත්ය.


Selfi Studeo : Flash Camera ( android)



       ඉදිරිපස කැමරාවක් පමණක් සහිත උපාංගයක් සමග පමණක් ක්‍රියාකරන මෙම ඇප් එක selfie සදහාම නිපදවූ ලැබූවකි. ඉදිරිපස කැමරාවෙන් ඡායාරූප ගැනීමට අවශ්‍ය ආලෝකය නොමැති වූ විට කැමති වර්ණයකින් තිරය දීප්තිමත් කර ආලෝකය ලබා දීමට මෙම ඇප් එකට හැකිය . photo filters හා සමාඡ වෙබ් අඩෙවි සදහා upload කිරීමේ හැකියාවට අමතරව silent shot , timer හා දුරකලනයේ volume key මගින් ඡායාරූප ගැනීමේ පහසුකමක්ද මෙම ඇප් එකට අන්තර්ගත කර ඇත.



හැමෝටම දැනගන්න මෙම ලිපිය SHARE කිරීමට අමතක නොකරන්න.........




Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...