Skip to main content

SALMONELLA AGAINST CANCER


පිළිකාවට එරෙහිව සැල්මොනැල්ලා....



                 ආහාර නරක්වීම හා පැසීමේ ක්‍රියාවලිය සිදුකරන බැක්ටීරියාවක් ලෙස සැල්මොනැල්ලා පොදුවේ හදුනාගෙන ඇත.මෙම සැල්මොනැල්ලා බැක්ටීරියාව ආහාර මගින් සෑදෙන බොහොමයක් රෝග සදහා හේතුකාරකය වී ඇත.නරක් වූ ආහාර ආසාදනය මගින් මෙම සැල්මොනැල්ලා හේතුවෙන් වමනය, ඔක්කාරය, අතීසාරය, ආමාශයික වේදනාව ඇති වේ.
         YALE පිළිකා මධ්‍යස්ථානය පර්යේෂකයින් විසින් සැල්මොනැල්ලා බැක්ටීරියාව පිළිකාවට එරෙහිව යොදා ගැනීමට පියරෙ ගෙන ඇත.රෝගීන් යොදා අත්හදා බැලීම් සිදුකරමින් මෙහි මුල් පියවර ලබා ඇත.ඡානමය වශයෙන් වෙනස් කරන ලද සැල්මොනැල්ලා බැක්ටීරියාව මෙහිදී රෝගියා වෙත ලබා දී ඇත.
    සැල්මොනැල්ලා බැක්ටීරියාව දේහය තුලට ඇතුලු කල පසු දේහය තුලදී එය විනාශ වීම වැලැක්වීමට බැක්ටීරියාව තුලින්ම විවිධ ක්‍රම අනුගමනය කරනු ලබයි.බැක්ටීරියාව ශ්‍රාවයකරන ප්‍රෝටීනයක් මගින් ප්‍රතිශක්තීකරණයට නිරාවරනය වීම වලකා ශරීරය තුලදී ගුණනය සදහා අවශ්‍ය කාලය ලබා දීම සිදු කරයි.මෙලෙස ආමාශයේ හෝ කුඩාන්ත්‍රයේ අපිචර්මීය සෛල මත ක්‍රියා කරයි.
       සම්මත තත්ව යටතේ බැක්ටීරියා වලට වේගයෙන් ගුණනය වීමේ හැකියාව පවතී.ද්වීගුණ වීම මගින් බොහෝ බැක්ටීිරියාවන් ප්‍රමාණය වැඩිකරගනී.මෙමගින් තනි DNA අණුව පිටපතක් සාදන අතර අණු දෙකම බැක්ටීරියාවල සෛල පටලයට සම්බන්ධ වේ.මෙම DNA අණු දෙක අතරින් සෛල පටලය වැඩීමට පටන්ගනී.බැක්ටීරියාව දෙගුණය වී මුල් ප්‍රමාණයට වර්ධනය වේ.DNA අණු දෙක අතරින් සෛල බිත්තිද වර්ධනය වී මුල් සෛලය දෙකට බෙදමින් එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් සෛල දෙකක් සාදයි.එකම වර්ගයේ ප්‍රතිඡීවක මෙම සෛල නිපදවනු ලබයි.



              Salmonella wild type (කැලෑ දර්ශක)  මෙම අධ්‍යයන සදහා විද්‍යාඥයින් යොදා ගෙන ඇත.මේමා ඡානමය වශයෙන් විකිරණය කර රෝග වැළදීමේ සම්භාවිතාව නවතා ඇත.මෙම බැක්ටීරියාවලට ඡීවීන්ගේ ඇති පිළිකා සෛලවල ආරම්භක අවස්ථාව වන ටියුමර් දුර්වල කිරීමේ හැකියාව ඇත.එසේම මෙම ඡානමය වශයෙන් විකෘති කර ඇති බැක්ටීරියා වලට ටියුමර් වර්ධනය වීම නිශේධනය කල හැක.
       මෙම පර්යේෂණවල ප්‍රතිඵල මගින් ගම්‍යවන්නේ අනාගතයේ salmonella මගින් පිළිකා සෛල ඉවත්කර ගැනීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වටිනාකම් ලබා ගත හැකි බවයි.
                    
           හැමෝටම දැනගන්න ඔබත් මෙම ලිපිය SHARE කරන්න.....

උපුටාගැනීම http://bialogy.about.com

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...