Skip to main content

SALMONELLA AGAINST CANCER


පිළිකාවට එරෙහිව සැල්මොනැල්ලා....



                 ආහාර නරක්වීම හා පැසීමේ ක්‍රියාවලිය සිදුකරන බැක්ටීරියාවක් ලෙස සැල්මොනැල්ලා පොදුවේ හදුනාගෙන ඇත.මෙම සැල්මොනැල්ලා බැක්ටීරියාව ආහාර මගින් සෑදෙන බොහොමයක් රෝග සදහා හේතුකාරකය වී ඇත.නරක් වූ ආහාර ආසාදනය මගින් මෙම සැල්මොනැල්ලා හේතුවෙන් වමනය, ඔක්කාරය, අතීසාරය, ආමාශයික වේදනාව ඇති වේ.
         YALE පිළිකා මධ්‍යස්ථානය පර්යේෂකයින් විසින් සැල්මොනැල්ලා බැක්ටීරියාව පිළිකාවට එරෙහිව යොදා ගැනීමට පියරෙ ගෙන ඇත.රෝගීන් යොදා අත්හදා බැලීම් සිදුකරමින් මෙහි මුල් පියවර ලබා ඇත.ඡානමය වශයෙන් වෙනස් කරන ලද සැල්මොනැල්ලා බැක්ටීරියාව මෙහිදී රෝගියා වෙත ලබා දී ඇත.
    සැල්මොනැල්ලා බැක්ටීරියාව දේහය තුලට ඇතුලු කල පසු දේහය තුලදී එය විනාශ වීම වැලැක්වීමට බැක්ටීරියාව තුලින්ම විවිධ ක්‍රම අනුගමනය කරනු ලබයි.බැක්ටීරියාව ශ්‍රාවයකරන ප්‍රෝටීනයක් මගින් ප්‍රතිශක්තීකරණයට නිරාවරනය වීම වලකා ශරීරය තුලදී ගුණනය සදහා අවශ්‍ය කාලය ලබා දීම සිදු කරයි.මෙලෙස ආමාශයේ හෝ කුඩාන්ත්‍රයේ අපිචර්මීය සෛල මත ක්‍රියා කරයි.
       සම්මත තත්ව යටතේ බැක්ටීරියා වලට වේගයෙන් ගුණනය වීමේ හැකියාව පවතී.ද්වීගුණ වීම මගින් බොහෝ බැක්ටීිරියාවන් ප්‍රමාණය වැඩිකරගනී.මෙමගින් තනි DNA අණුව පිටපතක් සාදන අතර අණු දෙකම බැක්ටීරියාවල සෛල පටලයට සම්බන්ධ වේ.මෙම DNA අණු දෙක අතරින් සෛල පටලය වැඩීමට පටන්ගනී.බැක්ටීරියාව දෙගුණය වී මුල් ප්‍රමාණයට වර්ධනය වේ.DNA අණු දෙක අතරින් සෛල බිත්තිද වර්ධනය වී මුල් සෛලය දෙකට බෙදමින් එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් සෛල දෙකක් සාදයි.එකම වර්ගයේ ප්‍රතිඡීවක මෙම සෛල නිපදවනු ලබයි.



              Salmonella wild type (කැලෑ දර්ශක)  මෙම අධ්‍යයන සදහා විද්‍යාඥයින් යොදා ගෙන ඇත.මේමා ඡානමය වශයෙන් විකිරණය කර රෝග වැළදීමේ සම්භාවිතාව නවතා ඇත.මෙම බැක්ටීරියාවලට ඡීවීන්ගේ ඇති පිළිකා සෛලවල ආරම්භක අවස්ථාව වන ටියුමර් දුර්වල කිරීමේ හැකියාව ඇත.එසේම මෙම ඡානමය වශයෙන් විකෘති කර ඇති බැක්ටීරියා වලට ටියුමර් වර්ධනය වීම නිශේධනය කල හැක.
       මෙම පර්යේෂණවල ප්‍රතිඵල මගින් ගම්‍යවන්නේ අනාගතයේ salmonella මගින් පිළිකා සෛල ඉවත්කර ගැනීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල වටිනාකම් ලබා ගත හැකි බවයි.
                    
           හැමෝටම දැනගන්න ඔබත් මෙම ලිපිය SHARE කරන්න.....

උපුටාගැනීම http://bialogy.about.com

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේ...

‍FISH OIL IS AN AMBROSIA ??

 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ????  .                              සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත. නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක. එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම ...