Skip to main content

HOW TO FIND ANDROID MOBILE PHONE ISSUES


Safe Mode මගින් ඇන්ඩොයිඩ් දුරකතන දෝෂ හදුනාගැනීම.



       
           කල් ගත වීමත් සමග ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක ඇතුලත් ඇප් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යයි.එවිට දුරකතනය slow වීම , stuck වීම , crash වීම මෙන්ම හේතු රහිතව දුරකතනය  Restart වීම වැනි ගැටලු ඇතිවෙයි.මෙවන් ගැටලු උත්සන්නවී ගොඩගැනීමට නොහැකි මට්ටමේ පවතින දුරකතන යතා තත්වයට පත්කිරීමට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ safe mode පහසුකම භාවිතා කල හැකිය.
    safe mode තුල සිදුවන්නේ ඔබේ දුරකතනයට ඔබ විසින් සම්බන්ධ කරන ලද ඇප් සියල්ල අක්‍රීය කර දුරකතනය නිෂ්පාදකයාගෙන් ලැබෙනවිට තිබූ ඇප් පමණක් ධාවනය වීමයි.මෙහිදී දුරකතනය slow වීම stuck වීම , crash වීම හෝ restart වීම සිදුවන්නේ නැත.එබැවින් ඔබට දුරකතනයෙහි ඇති ඇප් ඉවත්කර ඒවා එකින් එක නැවත install කර බලමින් ගැටලුව ඇත්තේ කුමන ඇප් එකේදැයි සොයාගැනීමට හැකිය.
                   
 Safe Mode ක්‍රියාත්මක කිරීම 
        Android 4.1 Jelly Bean හා ඊටපසු සංස්කරණ වල නම් Power Button එක තදකරගෙන සිටියවිට Power Off මෙනුව මතුවන බව ඔබ දනී.එය මතුවූ පසු නැවත වරක් Power off බොත්තම තදකරගෙන සිටිය විට " Reboot to Safe Mode" ලෙස සංවාද කොටුවක් විවෘත වෙයි.එහි " OK " විධානය ස්පර්ශ කළපසු  දුරකතනය Restart වනු ඇත්තේ Safe Mode තුළටයි.
        Android 4.1 Jelly Bean සංස්කරණයට පෙර පැරණි සංස්කරණ වල නම් දුරකතනය ක්‍රියා විරහිතකර නැවත ක්‍රියාත්මක කරන්න. දුරකතනය පණගැන්වෙන විට නිෂ්පාදකයාගේ Logo එක දර්ශනය වෙයි.එවිට volume up හා volume down බොත්තම් තද කරගෙන සිටිය විට දුරකතනය Safe Mode තුළට boot වනු ඇත.
   Safe Mode හි ධාවනය වන විට තිරයේ පහළ දාරයේ Safe Mode ලෙස දර්ශණය වන අතර ඔබ විසින් ස්ථාපනය කළ තෙවන පාර්ශ්වීය ඇප් හා widgets දක්නට නොලැබෙනු ඇත.safe mode තුලදී දුරකතනය slow වීම යනාදී ගැටලු පැන නොනගීනම් ගැටලුව ඇත්තේ ඔබේ ඇප් එකක් තුලය.
                   දුරකතනය තුල ඇප් දර්ශණය නොවුවද, settings හි Apps තුළ ඔබේ ඇප් සියල්ල සාමාන්‍ය පරිදි uninstall කිරීමට හැකිය.ඔබ මෑතකදී install කල ඇප් ඇත්නම් ඒවා කීපයක් මුලින් ඉවත්කර බැලීම නුවනට හුරුය.ඔබට අවශ්‍යනම් සියලු ඇප් ඉවත්කර දුරකතනය විසන්ධිකර සාමාන්‍ය ආකාරයට පනගන්වා ඒවා එකිනෙක නැවත install කරමින් ගැටලුව ඇත්තේ කුමන ඇප් එකෙහිදැයි සෙවීමට හැකිය.නැතිනම් ඔබ අවසානයටම install කල ඇප් එකෙහි සිට අනුපිලිවෙලින් එකින් එක ඉවත් කරමින් ගැටලුව ඇත්තේ කුමන ඇප් එකෙහිදැයි සොයා බැලීමට හැකිය.
   මෙම ක්‍රියා මාර්ග වලින් පසුවත් ඔබේ දුරකතනය දෝෂ සහිතව ක්‍රියාත්මක වන්නේනම්,ඔබට දත්ත Backup කර දුරකතනය Factory Reset කිරීමට සිදුවනු ඇත.
   
                  උපුටාගැනීම  "දුරකතන" මාසික සගරාව.....

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන අවස්තාවලදී දෙනු ලබන

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේලාවකට පසු රුධිර සීනි මට්ටම පර

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (red cels ) නිෂ්පාදනයට මෙන්ම , රුධිර කැට ගැසීමේ යාන්ත්‍ර‍නයට වැදගත්වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. ඊට අමතරව ශරීරය තුල විටමින් ඊ ප්‍ර‍තිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින් මුක්ත ඛන්ඩක සහ මේදය මගින් ශරීරයේ අවයව, අස්ථි සහ පටක වලට හානි සිදුවී