Skip to main content

HOW TO FIND ANDROID MOBILE PHONE ISSUES


Safe Mode මගින් ඇන්ඩොයිඩ් දුරකතන දෝෂ හදුනාගැනීම.



       
           කල් ගත වීමත් සමග ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක ඇතුලත් ඇප් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යයි.එවිට දුරකතනය slow වීම , stuck වීම , crash වීම මෙන්ම හේතු රහිතව දුරකතනය  Restart වීම වැනි ගැටලු ඇතිවෙයි.මෙවන් ගැටලු උත්සන්නවී ගොඩගැනීමට නොහැකි මට්ටමේ පවතින දුරකතන යතා තත්වයට පත්කිරීමට ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ safe mode පහසුකම භාවිතා කල හැකිය.
    safe mode තුල සිදුවන්නේ ඔබේ දුරකතනයට ඔබ විසින් සම්බන්ධ කරන ලද ඇප් සියල්ල අක්‍රීය කර දුරකතනය නිෂ්පාදකයාගෙන් ලැබෙනවිට තිබූ ඇප් පමණක් ධාවනය වීමයි.මෙහිදී දුරකතනය slow වීම stuck වීම , crash වීම හෝ restart වීම සිදුවන්නේ නැත.එබැවින් ඔබට දුරකතනයෙහි ඇති ඇප් ඉවත්කර ඒවා එකින් එක නැවත install කර බලමින් ගැටලුව ඇත්තේ කුමන ඇප් එකේදැයි සොයාගැනීමට හැකිය.
                   
 Safe Mode ක්‍රියාත්මක කිරීම 
        Android 4.1 Jelly Bean හා ඊටපසු සංස්කරණ වල නම් Power Button එක තදකරගෙන සිටියවිට Power Off මෙනුව මතුවන බව ඔබ දනී.එය මතුවූ පසු නැවත වරක් Power off බොත්තම තදකරගෙන සිටිය විට " Reboot to Safe Mode" ලෙස සංවාද කොටුවක් විවෘත වෙයි.එහි " OK " විධානය ස්පර්ශ කළපසු  දුරකතනය Restart වනු ඇත්තේ Safe Mode තුළටයි.
        Android 4.1 Jelly Bean සංස්කරණයට පෙර පැරණි සංස්කරණ වල නම් දුරකතනය ක්‍රියා විරහිතකර නැවත ක්‍රියාත්මක කරන්න. දුරකතනය පණගැන්වෙන විට නිෂ්පාදකයාගේ Logo එක දර්ශනය වෙයි.එවිට volume up හා volume down බොත්තම් තද කරගෙන සිටිය විට දුරකතනය Safe Mode තුළට boot වනු ඇත.
   Safe Mode හි ධාවනය වන විට තිරයේ පහළ දාරයේ Safe Mode ලෙස දර්ශණය වන අතර ඔබ විසින් ස්ථාපනය කළ තෙවන පාර්ශ්වීය ඇප් හා widgets දක්නට නොලැබෙනු ඇත.safe mode තුලදී දුරකතනය slow වීම යනාදී ගැටලු පැන නොනගීනම් ගැටලුව ඇත්තේ ඔබේ ඇප් එකක් තුලය.
                   දුරකතනය තුල ඇප් දර්ශණය නොවුවද, settings හි Apps තුළ ඔබේ ඇප් සියල්ල සාමාන්‍ය පරිදි uninstall කිරීමට හැකිය.ඔබ මෑතකදී install කල ඇප් ඇත්නම් ඒවා කීපයක් මුලින් ඉවත්කර බැලීම නුවනට හුරුය.ඔබට අවශ්‍යනම් සියලු ඇප් ඉවත්කර දුරකතනය විසන්ධිකර සාමාන්‍ය ආකාරයට පනගන්වා ඒවා එකිනෙක නැවත install කරමින් ගැටලුව ඇත්තේ කුමන ඇප් එකෙහිදැයි සෙවීමට හැකිය.නැතිනම් ඔබ අවසානයටම install කල ඇප් එකෙහි සිට අනුපිලිවෙලින් එකින් එක ඉවත් කරමින් ගැටලුව ඇත්තේ කුමන ඇප් එකෙහිදැයි සොයා බැලීමට හැකිය.
   මෙම ක්‍රියා මාර්ග වලින් පසුවත් ඔබේ දුරකතනය දෝෂ සහිතව ක්‍රියාත්මක වන්නේනම්,ඔබට දත්ත Backup කර දුරකතනය Factory Reset කිරීමට සිදුවනු ඇත.
   
                  උපුටාගැනීම  "දුරකතන" මාසික සගරාව.....

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...