Skip to main content

‍FISH OIL IS AN AMBROSIA ??



 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ???? 



.
                             සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත.
නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක.


එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම කර ගත හැක.එමෙන්ම ගර්භනී මව්වරුන් ද අවසාන ගර්භනී සමයේ දී මෙම ඔමෙගා 3 මේද අම්ල භ‍ාවිතයෙන් ගර්භාෂයේ සිටින දරුවාගේ සන්නිවේදන හැකියාව වර්ධනය වන බව නවතම පර්යේෂණ මගින් සෙ‍ායාගෙන ඇත.හෘද රෝග සඳහාද මෙම DHA මේද අම්ලය දිව්‍ය ඔසුවක් බවට සොය‍ාගෙන ඇත.ට්‍රයි ග්ලිසරයිඩ මට්ටම අඩු කරමින්,කොලස්ටරෝල් තැන්ලත්වීම අවම කරමින් රුධිර නාල තුල හොඳින් රුධිරය සංසරනය වීම සඳහා උපකාරී ‍වේ.සමහර පුද්ගලයින්ගේ රුධිර පීඩනය නිරතුරුවම අඩු මට්ටමක පවතින බැවින් එවැනි පුද්ගලයින් වෛද්‍ය උපදෙස් නොමැතින ඔමෙගා 3 මේද අම්ලය භාවිතය සුදුසු නොවේ.යොවුන් වියේදී සිදුවන හැසිරීම් රටාවල වෙනස්වීම් මග හරවා ගැනීමටද මතක ශක්තිය වැඩිකර ගැනීමට ද මෙමගින් හැකියාවක් පවතී.අපස්මාරය පවතින රෝගීන් දිනපතා ඔමෙගා 3 සුලු වශයෙන් ආහාරයට එක් කර ගැනීමෙන් රෝගීන් තුල ඇතිවන අසාද්‍ය තත්නයන් මග හරවා ගත හැකි බවට සොයාගෙන ඇත.එමෙන්ම විටමින A බහුලව ඇති මත්ස්‍ය තෙල් අනුභවයෙන් අක්මාවේ රෝග ඇති විය හැකි බැවින් එ් පිළිබඳවද සැලකිලිමත් වීම අනිවාර්ය කරුණකි.එබැවින් අනුමත ප්‍රමාණවලින් ගැනීම තුලින් එම ගැටලු මග හරවා ගත හැක.

මෙම මත්ස්‍ය තෙල් පරිභෝඡනයේ අහිතකර බලපෑමක් ලෙස කර්මාන්තශාලා හරහා සිදුවන ඡල දූෂණය නිසා රසදිය,ලෙඩ් ආදී බැර ලෝහ හා රසායනික අපද්‍රව්‍ය මත්ස්‍යයින්ගේ ශරීර ගත වීම හේතුවෙන් එම අපද්‍රව්‍ය නීරෝගී පුද්ගලයින්ගේ ද ශරීරගත වීම පෙන්වා දිය හැකිය.

කෙසේ නමුත් බොහෝ ගුණාංග වලින් සපිරි මෙම දිව්‍ය ඔසුවක් බඳු මත්ස්‍ය තෙල් ඔබේ ආහාරයටත් එක් කර ගැනීමෙන් නීරෙ‍ා්ගී දිවියක් ගත කරන ලෙසට ඔබ සැමට අවධාරනය කර සිටිමි.



හැමෙ‍ා්ටම දැනගන්න මෙම ලිපිය SHARE කරන්න අමතක කරන්න එපා.....

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...