Skip to main content

නාසා ආයතනය නිරුත්තර කල බ්‍රහස්පතිගේ විශ්මිත අභිරහස!


නාසා ආයතනය නිරුත්තර කල බ්‍රහස්පතිගේ විශ්මිත අභිරහස!


බ්‍රහස්පති යනු සෞරග්‍රහ මණ්ඩලයේ රජු ලෙස හඳුන්වන්නට පුලුවන්. රජෙකු සතුව ඔටුන්නක් තිබෙනවා සේ බ්‍රහස්පති සතුව අති ප්‍රභල Aurora තිබෙනවා. හබ්ල් දුරේක්ෂයට එය පැහැදිලිවම දර්ශනය වී තිබෙනවා.

නමුත් ඒවා සාමාන්‍යය Aurora නම් නොවෙයි. ඒවා අප සෞරග්‍රහමණ්ඩලයේ වූ බලවත්ම Aurora ලෙස හඳුන්වන්නට පුළුවන්. අප මුළු පෘතුවියම වුනත් එහි ගිල්වන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රයේ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අණු ඉහල වායුගෝලයේ වායුන් හා ගැටීමේදී වායු අණු විසින් ප්‍රෝටෝන නිදහස් කරනවා. එහි ප්‍රතිපලයක් ලෙස ධ්‍රැව ප්‍රදේයේ ඉහල ආකාශය තුල අති දීප්තිමත් ආලෝක කදම්බයන් දර්ශනය වෙනවා. Nothern Light ලෙස හඳුන්වන්නේ එම අපූරු ස්වභාවික සංසිද්ධියයි.



ඉතින් විද්‍යාඥයින් සිතුවේ බ්‍රහස්පති මතිනුත් ඒ හා සමානම දෙයක් දැකගන්නට පුළුවන් වේවි කියායි. නමුත් නාසා ආයතනයේ සියලු විද්‍යාඥයින්ගේ අදහස් වැරදි බව එහිදී හෙළිවුණා.

විශ්වාස කරන්න, බ්‍රහස්පතිගේ Aurora නිර්මාණය කරන අභිරහස් ශක්ති ප්‍රභවය කුමක්ද කියන්න අප දන්නේ නැහැ. නාසා ආයතනයේ අදහස් පවා වැරදි බව හෙළිවුණා. එය පුදුමයට කරුණක් නොවෙයිද ?

JEDI ලෙස හඳුන්වන පරීක්ෂක උපකරණයක් සහිත ජුනෝ අභ්‍යවකාශ යානාව බ්‍රහස්පති වටා කිහිප වාරයක් කක්ෂගත වුනා. එහිදී බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රය මැනබැලීමට කටයුතු කර තිබුනා.

බ්‍රහස්පතිගේ චුම්භක ක්‍ෂේත්‍රය සෞරග්‍රහමණ්ඩලයේ බලවත්ම චුම්භක ක්‍ෂේත්‍රය බව අපි මින් පෙර සිටම දැන සිටියා. ඒවගේම ඉන් විශාල Aurora උතාපදන විය යුතු බවද විශ්වාස කළා.

නමුත් නවතම අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබුනේ Aurora ඇති කරන ඉලෙක්ට්‍රෝන චුම්භක ක්ෂේත්‍රය විසින් උත්පාදනය කරගන්නා තරංගයන් විසින් වේගයෙන් ත්වරණය වීමට සලස්වන බවයි. එය සිදුවන්නේ වෝල්ට් 400,000ක් තරම්වූ ඉහල විද්‍යුත් ශක්තියකින් බවද හෙළිවී තිබෙනවා. ඇතැම් අවස්තාවන් වලදී එම ශක්තිය හීන වෙන අතර, අහඹු දිසාවන් වෙත වේගයෙන් ගමන් කරනවා. එය සිදුකිරීම පිටුපස සිටින හඳුනා නොගත් බලවේගය කුමක්ද යන්න නාසා ආයතනයවත් දන්නේ නැහැ.



බ්‍රහස්පතිගේ වායුගෝලය මත්වූ ආරෝපිත විද්‍යුත් ස්තරය තරංග ශක්තියක් මගින් තවරණය වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. නමුත් අස්ථායි අහඹු උත්පාදනයන් සහ විකාර තරංගයන් ඇතිවන්නේ ඇයිද යන්න තවමත් අභිරහසකි.

එය ඇතැම්විට බ්‍රහස්පති ග්‍රහයාගේ අභ්‍යන්තරයේ වූ ශක්තියක් නිසා සිදුවෙනවා විය හැකියි. එසේත් නොමැති නම් බ්‍රහස්පතිගේ විකිරණ වළල්ලේ බලපෑමක් විය හැකියි. එසේ වුනත් ඒ සඳහා හේතුවෙන නිවැරදිම සාධකය අපි තවම දන්නේ නැහැ.


බ්‍රහස්පති තුල සිදුවෙන මෙම අද්භූත ක්‍රියාකාරීත්ව අවබෝධ කරගන්නට පුළුවන් වුනොත්, අනාගතයේදී නිර්මාණය කරන අභ්‍යවකාශ යානාවන් වඩාත් ආරක්‍ෂිත ලෙස නිර්මාණය කරන්නට අපිට පුළුවන් වේවි.


අන්තර්ජාලය ඇසුරිනි.

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන අවස්තාවලදී දෙනු ලබන

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේලාවකට පසු රුධිර සීනි මට්ටම පර

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (red cels ) නිෂ්පාදනයට මෙන්ම , රුධිර කැට ගැසීමේ යාන්ත්‍ර‍නයට වැදගත්වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. ඊට අමතරව ශරීරය තුල විටමින් ඊ ප්‍ර‍තිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින් මුක්ත ඛන්ඩක සහ මේදය මගින් ශරීරයේ අවයව, අස්ථි සහ පටක වලට හානි සිදුවී