Skip to main content

නාසා ආයතනය නිරුත්තර කල බ්‍රහස්පතිගේ විශ්මිත අභිරහස!


නාසා ආයතනය නිරුත්තර කල බ්‍රහස්පතිගේ විශ්මිත අභිරහස!


බ්‍රහස්පති යනු සෞරග්‍රහ මණ්ඩලයේ රජු ලෙස හඳුන්වන්නට පුලුවන්. රජෙකු සතුව ඔටුන්නක් තිබෙනවා සේ බ්‍රහස්පති සතුව අති ප්‍රභල Aurora තිබෙනවා. හබ්ල් දුරේක්ෂයට එය පැහැදිලිවම දර්ශනය වී තිබෙනවා.

නමුත් ඒවා සාමාන්‍යය Aurora නම් නොවෙයි. ඒවා අප සෞරග්‍රහමණ්ඩලයේ වූ බලවත්ම Aurora ලෙස හඳුන්වන්නට පුළුවන්. අප මුළු පෘතුවියම වුනත් එහි ගිල්වන්නට පුළුවන් කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රයේ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අණු ඉහල වායුගෝලයේ වායුන් හා ගැටීමේදී වායු අණු විසින් ප්‍රෝටෝන නිදහස් කරනවා. එහි ප්‍රතිපලයක් ලෙස ධ්‍රැව ප්‍රදේයේ ඉහල ආකාශය තුල අති දීප්තිමත් ආලෝක කදම්බයන් දර්ශනය වෙනවා. Nothern Light ලෙස හඳුන්වන්නේ එම අපූරු ස්වභාවික සංසිද්ධියයි.



ඉතින් විද්‍යාඥයින් සිතුවේ බ්‍රහස්පති මතිනුත් ඒ හා සමානම දෙයක් දැකගන්නට පුළුවන් වේවි කියායි. නමුත් නාසා ආයතනයේ සියලු විද්‍යාඥයින්ගේ අදහස් වැරදි බව එහිදී හෙළිවුණා.

විශ්වාස කරන්න, බ්‍රහස්පතිගේ Aurora නිර්මාණය කරන අභිරහස් ශක්ති ප්‍රභවය කුමක්ද කියන්න අප දන්නේ නැහැ. නාසා ආයතනයේ අදහස් පවා වැරදි බව හෙළිවුණා. එය පුදුමයට කරුණක් නොවෙයිද ?

JEDI ලෙස හඳුන්වන පරීක්ෂක උපකරණයක් සහිත ජුනෝ අභ්‍යවකාශ යානාව බ්‍රහස්පති වටා කිහිප වාරයක් කක්ෂගත වුනා. එහිදී බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්‍රය මැනබැලීමට කටයුතු කර තිබුනා.

බ්‍රහස්පතිගේ චුම්භක ක්‍ෂේත්‍රය සෞරග්‍රහමණ්ඩලයේ බලවත්ම චුම්භක ක්‍ෂේත්‍රය බව අපි මින් පෙර සිටම දැන සිටියා. ඒවගේම ඉන් විශාල Aurora උතාපදන විය යුතු බවද විශ්වාස කළා.

නමුත් නවතම අධ්‍යයනයක් මගින් පෙන්වාදී තිබුනේ Aurora ඇති කරන ඉලෙක්ට්‍රෝන චුම්භක ක්ෂේත්‍රය විසින් උත්පාදනය කරගන්නා තරංගයන් විසින් වේගයෙන් ත්වරණය වීමට සලස්වන බවයි. එය සිදුවන්නේ වෝල්ට් 400,000ක් තරම්වූ ඉහල විද්‍යුත් ශක්තියකින් බවද හෙළිවී තිබෙනවා. ඇතැම් අවස්තාවන් වලදී එම ශක්තිය හීන වෙන අතර, අහඹු දිසාවන් වෙත වේගයෙන් ගමන් කරනවා. එය සිදුකිරීම පිටුපස සිටින හඳුනා නොගත් බලවේගය කුමක්ද යන්න නාසා ආයතනයවත් දන්නේ නැහැ.



බ්‍රහස්පතිගේ වායුගෝලය මත්වූ ආරෝපිත විද්‍යුත් ස්තරය තරංග ශක්තියක් මගින් තවරණය වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. නමුත් අස්ථායි අහඹු උත්පාදනයන් සහ විකාර තරංගයන් ඇතිවන්නේ ඇයිද යන්න තවමත් අභිරහසකි.

එය ඇතැම්විට බ්‍රහස්පති ග්‍රහයාගේ අභ්‍යන්තරයේ වූ ශක්තියක් නිසා සිදුවෙනවා විය හැකියි. එසේත් නොමැති නම් බ්‍රහස්පතිගේ විකිරණ වළල්ලේ බලපෑමක් විය හැකියි. එසේ වුනත් ඒ සඳහා හේතුවෙන නිවැරදිම සාධකය අපි තවම දන්නේ නැහැ.


බ්‍රහස්පති තුල සිදුවෙන මෙම අද්භූත ක්‍රියාකාරීත්ව අවබෝධ කරගන්නට පුළුවන් වුනොත්, අනාගතයේදී නිර්මාණය කරන අභ්‍යවකාශ යානාවන් වඩාත් ආරක්‍ෂිත ලෙස නිර්මාණය කරන්නට අපිට පුළුවන් වේවි.


අන්තර්ජාලය ඇසුරිනි.

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...