Skip to main content

APPLE WATCH BY APPLE


ඇපල් වෙතින් ඇපල් WATCH . . . 




         Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී.

මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි.



ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන් ආරම්භ වන්නේ ඩොලර් 549 න් . ඩොලර් 1099 ක් දක්වා එයි මිල ගණන් විචලනය වෙනවා.මෙම ඔරලෝසු කාණ්ඩ අතරින් මිල අධිකම කාණ්ඩය වන්නේ කැරට් 18 රත්‍රන් වලින් සාදා තිබෙන Apple Watch Gold Edition එයි මිල ගණන් ඩොලර් 10,000 සිට 17000 දක්වි විචලනය වෙනව.මෙම එක් එක් කාණ්ඩයට අයත් ඔරලෝසු සදහා විවිධ මාදිලියේ පටි තෝරා ගැනීමට ඔබට ඉඩ සැලසෙන අතර ඒ සදහා විවිද මිල ගණන් ද ගෙවීමට සිදුවේ.ඔරලෝසුව rechargeable බැටරියකින් සමන්විත අතර සම්පූර්ණ චාර්ඡ් කිරීමෙන් අනතුරුව සාමාන්‍යෙයන් පැය 18 ක් පමණ භාවිත කල හැකි බවට ඇපල් සමාගමේ ප්‍රධානී Tim Cook මහතා ප්‍රකාශ කර සිටිනවා.
තවද මෙම බැටරිය චුම්භක ප්‍රේරණය හරහා චාර්ඡ් වන ලෙස නිර්මාණය කර තිබෙනවා.
ඇපල් Watch වල මිල ගණන් අනෙක් වර්ග වල Smart Watch වලට සාපේක්ෂව බොහෝ සෙයින් ඉහල නිසා පාරිභෝගිකයින් මේ සම්බන්ධව නොයෙක් මතපල කරනවා. අපි බලමු ඉදිරි මාස කීපය තුල මේ ඔරලෝසු ලොව පුරා කෙසේ අලෙවි වේවිද කියල.......



හැමොටම දැනගන්න මෙම ලිපිය SHARE කරන්න අමතක කරන්න එපා...................




උපුටාගැනීම - දුරකතන මාසික සගරාව 









Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන අවස්තාවලදී දෙනු ලබන

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේලාවකට පසු රුධිර සීනි මට්ටම පර

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (red cels ) නිෂ්පාදනයට මෙන්ම , රුධිර කැට ගැසීමේ යාන්ත්‍ර‍නයට වැදගත්වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. ඊට අමතරව ශරීරය තුල විටමින් ඊ ප්‍ර‍තිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින් මුක්ත ඛන්ඩක සහ මේදය මගින් ශරීරයේ අවයව, අස්ථි සහ පටක වලට හානි සිදුවී