Skip to main content

TOP 3 FEATURES IN iPHONE 7








    iPHONE 7 එහෙම නැත්නම් iPHONE 7 PLUS කරලියට ආවෙ දැනට ටික දිනකට කලින්.ඉතින් අපි අද බලමු  iPHONE 7 නැතිනම් iPHONE 7 PLUS වල තිබෙන features කිහිපයක් හා ඒ සදහා භාවිත  technology ගැන.



DISPLAY

මෙම display එක ගැන සදහන් කලොත් ඒකෙ speck එක බැලුවහම නම් එතරම් විශේෂත්වයක් ඔයාලට දකින්න බැරිවෙයි. මොකද ඒක කලින් තිබුණ ප්‍රමාණයමයි . ඒවගේම කලින් තිබුණු resolution මයි.මේකෙ brightness 25% කින් වැඩිවෙලා තියනව.ඒවගේම apple සමාගම විශේෂයෙන් සදහන් කලා මෙහි color gamut එක වැඩිකලා කියල.අපේ ඇහැ අති විශාල වර්ණ පරාසයකට සංවේදී. නමුත් අපි නිතර භාවිත කරන software වලට එහෙමත් නැතිනම් display වලට මෙම වර්ණ පරාසයේම වැඩ කල නොහැක.මේව වැඩකරන්නෙ සම්මත වර්ණ පරාස වලට (COLOR SPACES ). ගොඩක් වෙලාවට අපි භාවිතකරන displayවැඩ කරන්නෙ sRGP color space එකට අනුකූලව. ඊට එහා ගිය තාක්ෂණයක් තමයි CINEMA - P3 නැතිනම්ක DCI-P3 කියන color space එක. මෙය කලින් තාක්ෂණයට වඩා වර්ණ ඉතා පුලුල් පරාසයක විහිදෙනව. මෙම තාක්ෂණය නවීන චිත්‍රපට කර්මාන්තයේ වගේ professional වැඩ වලදි භාවිත වෙනව.apple සමාගම කියන විදිහට මේ අලුත් iphone එකේ භාවිත වෙන්නෙ මේ CINEMA - P3 කියන color space එක.ඇත්තෙන්ම මේක ගොඩක් වැදගත් අවස්තාවක් විදියටයි දකින්නෙ. මෙමගින් color quality එක වැඩිකරගන්න හැකියාව ලැබිල තිබෙනව.ඉතින්  මෙම  iphone එක  professional වැඩ වලට භාවිතා කිරීමේ හැකියාව පවතිනව.

CAMERA

    මේ අලුත් iphone එකේ camera එක ගැන සලකා බලනකොට මෙහි පෙනුම හා mega pixel ප්‍රමාණ කලින් තිබුණ ගානමයි.නමුත් මෙහි sensor එක ප්‍රමාණයෙන් විශාල කරල තිබේ . එමගින් pixel pitch එක වැඩිවේ. එවිට අවශෝෂණය කර ගත හැකි ආලෝක ප්‍රමාණය වැඩිවේ. එ් හේතුවෙන් අඩු ආලෝකය ඇති ස්ථානයක උවද පැහැදිලි ඡායාරූප ගැනීමේ හැකියාව පවතී. iphone 7 plus හි camera 2ක් පවතී. එකක් wide angle lens 1 ක් වන අතර අනික telephoto lens 1කි. එබැවින් දෙගුණයක් දක්වා optical zoom කිරීමේ හැකියාව පවතින අතර digital zoom කිරීමේ හැකියාව 10 ගුණයක් දක්වා හැකිය. එමෙන්ම ‘දදප කිරීමේදී ඇතිවන නොපැහැදිලි තාවයද ඉතා අඩු කර ඇත.මෙම iphone එකේ image signal processor එකෙහි බලයද දෙගුණයකින් වැඩි කර ඇත.එහෙයින් ඉතා දියුණු තත්වයේ ඡායාරූපයක් ඉතා ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව පවතී.

PROCESSOR

      iphone එකට quard core processor එකක් යොදාඇත. මෙහි high power cores 2 ක් හා low power cores 2 ක් ලෙස ඇත.මෙහි ඇති වශේෂත්වය තමයි ios 10 විශේෂයෙන් නිර්මාණය කර තිබෙන්නෙ iphone එකේ hardware සමග ඉතා හොදින් වැඩ කරන ලෙසට.එවිට iphone එකේ quard core processor එකක් පැවතුනද දැනට පවතින octa core processor සහිත android phone සමග කරට කර තරග කිරීමේ හැකියාව පවතී.

ඉතින් මෙම iPHONE 7 එහෙම නැත්නම් iPHONE 7 PLUS ඉතාමගත් අනර්ඝ උසස් තත්වයෙන් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර ඇත.



   

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන අවස්තාවලදී දෙනු ලබන

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේලාවකට පසු රුධිර සීනි මට්ටම පර

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය රතු රුධිරාණු (red cels ) නිෂ්පාදනයට මෙන්ම , රුධිර කැට ගැසීමේ යාන්ත්‍ර‍නයට වැදගත්වන විටමින් K සක්‍රීය කිරීමටද වැදගත් වේ. ඊට අමතරව ශරීරය තුල විටමින් ඊ ප්‍ර‍තිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින් මුක්ත ඛන්ඩක සහ මේදය මගින් ශරීරයේ අවයව, අස්ථි සහ පටක වලට හානි සිදුවී