Skip to main content

CAN YOU EARN MONEY ONLINE ???

ඔබට අන්තර්ඡාලයෙන් මුදල් ඉපයිය හැකි ද??



මම හිතුව අද ඔයාලට ටිකක් වෙනස් විදිහෙ පෝස්ට් එකක් ලියන්න. මොකද අද වෙනකොට  බොහෝදෙනෙක් අන්තර්ඡාලයෙන් මුදල් ඉපයීම ගැන ගොඩක් කතා කරන මාතෘකාවක් වෙලා තියෙනව.රට තුල පවතිනා ආර්ථික වෙනස්වීම හේතුවෙන් දිනෙන් දින සිදුවන ආර්ථික අපහසුතා මග හරවා ගැනීමට තම රැකියාවට අමතරව මුදල් ඉපඊමේ මාර්ගයක් බොහෝ දෙනාට අත්‍යවශ්‍ය වී ඇත. ඇත්තෙන්ම අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ද?.. දැන් අපි ඒ ගැන සොයා බලමු.

අන්තර්ඡාලය භාවිතයෙන් ඇත්තෙන්ම මුදල් ඉපයිය හැකියි කිවොත් ඔබ පුදුම වෙන එකක් නැහැ. මොකද කිව්වොත් අද වෙනකොට අපේ ලංකාවෙම අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් උපයන බොහො දෙනෙක් ඉන්නව. මම ස්ථිරවම කියන්න ඕන එ් පිරිස ලක්ෂයකටත් වැඩි වග. හැබැයි බොහෝ දෙනෙක් අන්තර්ඡාලයෙන් මුදල් හොයන්න විවිධ ක්‍රම වේද භාවිත කරන්න හැදුවත් ඒවා අසාර්ථක වෙන බවක් තමයි දක්නට තිබෙන්නෙ,

මුදල් ඉපයීමේ මාර්ග

       අන්තර්ඡාලය භාවිතයෙන් මුදල් ඉපයීමේ මාර්ග සිය ගණනක් පවතී. එ් අතරින් ලොව ප්‍රසිද්ධම ක්‍රම කීපයක් මතක් කරනවනම් FOREX TRADING " FREELANCER " ODESK (UPWORK)" NEONUX "
FIVVER"AFFILIATE " GOOGLE ADSENSE " ආදී ක්‍රමවේද ද FACE BOOK " E BAY මගින්ද මුදල් ඉපයීමේ හැකියාව පවතී. FOREX මගින් ඡාත්‍යතන්තර මූල්‍ය වෙලදපොල සමග තැරැව්කාර සමාගමලක් හරහා නිවසේ සිටම මුදල් ඉපයීමේ හැකියාව ඇත. ODESK " FREELANCER වැනි වෙබ් අඩවි මගින් WEB DESIGN'  BLOG POSTING ' DATA ENTRY ' LOGP DESING ආදී දහස් ගණන් රැකියා සදහා ලියාපදිංචි වී වැඩ කිරීමේ හැකියාව ඇත. හැබැයි එවැනි වෙබ් අඩවි මගින් වැඩ ලබා ගැනීමට ඉහල තරගකාරීත්වය හේතුවෙන් කැපවීමට සිදුවේ.NEOBUX " ආදී BUX SITE මගින් ද ඇඩ් ක්ලික් කිරීම මගින් මුදල් ඉපයිය හැකි වුවද REFFEREL සංඛ්‍යාව වැඩි කරගැනීමට මාස 5 ක් 6ක් වැනි කාලයක් ගතවේ.අනික මනා ක්‍රමවේදයකට  අනුව කලයුතුය.
මා සදහන් කල ක්‍රම අතරින් FOREX TRADING හොද ක්‍රමයක් කියල මම දකිනව. හැබැයි ඒ ගැන හොදට ඉගෙනගන්න වෙනව. එහෙම නැත්නම් අතේ තියත සල්ලිත් නැතිවෙන්න පුලුවන්. ව්‍යාපාරයක් කරනවනම් අවදානම ගන්නත් පුලුවන්වෙනම වෙනවනෙ නේද. ?? ..

FOREX ගැන ඉගෙනගන්න ලංකාවෙ අපේම අය ලියපු සිංහල වෙබ් සයිට් GOOGLE SEARCH කරල පහසුවෙන් හොයාගන්න පුලුවන්. FOREX කියන්නෙ අසීමිතව මුදල් සෙවියහැකි ක්‍රමයක් වන අතර ඉවසීමත් මුදල් කලමණාකරනයත් නොමැති අය එ් සදහා යොමු නොවීම නුවනට හුරු යි... අදට මම සමුගන්නව . නැවත POST එකකින් හමුවෙමු .

හැමෝටම දැනගන්න SHARE කරන්න..

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...