Skip to main content

Are your Lap Top battery show wrong details every time ????


ඔබේ ලැප්ටොප් බැටරිය වැරදි තොරතුරු ලබා දෙනවාද???


මෙන්න විසදුම
     
    ඔබ නිසි පරිදි ලැප්ටොප් පරිඝණකයේ බැටරිය පිළිබද සැලකිලිමත් වනවා නම් එය සම්පූර්ණයෙන්ම බැස යාමට ඉඩ නොදිය යුතුය.එසේම සියයට 10 ට වඩා අඩු මට්ටමට බැටරිය බැසගිය වහාම එය නැවත 100% ක මට්ටමට චාර්ඡ් කල යුතු අතර බැටරිය සුලු වශයෙන් බැසගොස් ඇතිවිට එය චාර්ඡ් නොකල යුතුය.

කොතරම් හොදට ලැප්ටොප් පරිහරණය කලද ඒවායේ බැටරි කාලයත් සමග දුර්වල වීම සාමාන්‍යයි.කෙසේ වෙතත් බොහෝ ලැප්ටොප්වල බැටරිය අවප්‍රමාණ වූ විට එහි තවත් කොපමණ කාලයක් සදහා බැටරි බලය ඇත්දැයි පෙන්වයි.මෙම තොරතුරුවලට අනුව සමහර ලැප්ටොප් මිනිත්තු 20 ක් පමණ භාවිත කල හැකි බව පවසා සිටියද හිටි හැටියේම බැටරිය බැසගොස් ක්‍රියා විරහිතවීම සුලභ කරුණකි.

     මෙයට හේතුව වන්නේ භාවිතය, කාලය , උෂ්ණත්වය වැනි සාධක නිසා බැටරියේ තත්වය වෙනස් වීමත් සමග පරිඝණක මෘදුකාංග වලට බැටරියේ නිසි නිර්ණය කිරීමක් කිරීම අපහසු වීම නිසාය.මෙම ගැටලුව විසදා ගැනීමට නම් ඔබ මාස දෙකකට තුනකට වරක් වත් බැටරිය   Top - Up  කල යුතුය. මෙය බැටරිය Calibrate කිරීම ලෙසද හදුන්වයි. මෙමගින් ඔබේ බැටරියේ ආයුකාලය දීර්ඝ වන අතර පරිඝණකයේ දර්ශණය වන බැටරි බලය හා බැටරි කාලය බොහෝ දුරට නිරවද්‍යවම දර්ශනය වනු  ඇත.

              බැටරිය Calibrate කරන ආකාරය ඔබේ ලැප්ටොප් එකෙහි Manual  එකෙහි නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙහි අඩංගු වන අතර එය සිදු කරන ආකාරය පහත පරිදි වේ.


  1. ඔබේ ලැප්ටොප් බැටරිය 100% ක් charge කර ගන්න.
  2. විදුලිය සම්බන්ද කර තිබියදීම පරිඝණකය පැය දෙකක් පමණ භාවිත නොකර තිබෙන්නට ඉඩ හරින්න.මෙවිට බැටරිය රත්වී ඇත්නම් සිසිල් වී සාමාන්‍ය උෂ්ණත්වයකට පත්වනු ඇත.
  3. ඔබගේ පරිඝණකයෙහි control panel හි  power options හි  change when the computer sleeps වෙත පිවිසෙන්න.එහි on battery යටතේ  turn off display හා ' put the computer to sleep' ලෙස  drop down menu දෙකක් ඇත.ඒවා බොහෝ දුරට 5 minutes හා 15 minutes ලෙස සකස් කර ඇති අතර ඒ දෙකට never යන තත්වතට මාරු කරන්න. ( calibrate කල පසු නැවත පෙර තත්වයට මාරු කල යුතු ය.
  4. එම මෙනුවෙහිම change advanced power options වෙත පිවිස එහි battery යන අංශයට පිවිසෙන්න. මෙහි Critical Battery Action යන්නට sleep හෝ Hibernate යන්න ලබා දෙන්න. ඉන්පසු critical battery level යන්නට 5% ක් ලබා දෙන්න.
  5. දැන් පරිඝණකය විදුලියෙන් විසන්දි කර බැටරිය සම්පූර්ණටයන් බැස යන්නට හරින්න.සාමාන්‍ය පරිදි පරිඝණකය භාවිතා කිරීමට හැකි වුවද games ක්‍රීඩා කිරීම , අන්තර්ඡාලයේ හැසිරීම වැනි දැඩිව බැටරියට බලපෑම් කරන ක්‍රියාවන්ගෙන් වලකින්න.
  6. බැටරිය සම්පූර්ණයෙන්ම බැසගොස් පරිඝණකය අක්‍රීය වූ විට එය පැය 5ක් පමණ එලෙසම තිබෙන්නට හරින්න.
  7. දැන් ඔබේ පරිඝණකය 100% ක් charge කරන්න. ඉන්පසු 3 වන පියවරේ සිදුකල වෙනස්කම් නැවත පෙර තත්වයට පත් කරන්න.
මෙම ක්‍රියාවලියෙන් පසු ඔබේ පරිඝණකය නැවත වඩාත් නිවැරදි බැටරි තොරතුරු ඔබට ලබාදෙනු ඇති අතර හදිසියේම අක්‍රීය වීම අවම වනු ඇත. මෙම ක්‍රියාවලිය මාස 2 - 3 කට වරක් කිරීම ඔබේ බැටරි ආයු කාලය දීර්ඝ කරනු ඇත.

හැමෝටම දැනගන්න මෙම ලිපිය SHARE කරන්න.

Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

Natural compound that kill cancer immediately

පැයක් වැනි කාලයකින් පිළිකා සෛල නසන විශ්මිත සංයෝගය                    පිළිකා සෛල පැයක් වැනි කෙටි කාලයකින් විනාශ කිරීමේ හැකියාවක් ඔලීව් තෙල් වල ඇති බව පර්යේෂණ වලදී හෙළිවී ඇත. එමගින් අනෙකුත් සෛල වලට හානියක් හෝ කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බවද තහවුරු වී ඇත.මෙම කරුණු පිළිබද වැඩිදුර විස්තර "molecular and cellular oncology " නම් වූ ඡර්නලයේ ඔලිව් තෙල් පිළිබද විස්තරය මගින් ලබා ගත හැක.            මෙහි ප්‍රතිඵල දකින විද්‍යාඥයින් පවා පුදුමයට පත්වී ඇති බවට වාර්තා වී ඇත. පිළිකාව වලක්වා ගත හැකි පෝෂකයක් ලෙස මෙම ඔලීව් තෙල් භාවිතය සදහා ඡනතාව යොමු විය යුතු බව මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල මගින් අණාවරනය නොවන්නේද??........... ඔලිව් තෙල් වල ඇති " Oleocantha "නම් සංයෝගය මෙම පහල රෝග වලටද වඩාත් හිතකර බව සොයාගෙන ඇත.       ඇල්ෂයිමර් රෝගය  ඔස්ටියෝපරෝසිස්                                     ...

APPLE WATCH BY APPLE

ඇපල් වෙතින් ඇපල් WATCH . . .            Android ආශ්‍රයෙන් පන ගැන්වෙන ස්මාර්ට් වොච් වෙලද පොලට පැමින කාලයක් ගත වී ඇත.නමුත් ඇපල් සමාගම එවැන් නිර්මාණයක් ගැන අදහස් පලකරත් එය මේ වනතෙක් වෙලද පොලට පැමින නැත. පසුගියදා පැවති උත්සවයේදී නව Mac book එකත් සමගින් නව ඇපල් වොච් එකත් හදුන්වා දෙනු ලැබුවා. පසුගිය අප්‍රේල් 24 වන දා සිට මෙය අලෙවි කිරීම ආරම්භ කෙරුනා.මෙම ඔරලෝසුව Apple iPhone එකත් සමග සම්බන්ධ කල හැකි නිර්මාණයකි. මෙහි මිල ගණන් ඩොලර් 350හේ සිට ඩොලර් 17,000 ක් තරම් විශාල මුදලක් දක්වා දිව යනවා. මෙම ඔරලෝසුව මගින් email පරීක්ෂා කිරීම , call ආන්සර් කිරීම , ව්‍යායාම හා සම්බන්ධ app වගේම Instagram සම්බන්ධය ඇතුලු තවත් බොහෝ දේ කිරීමට හැකියාව පවතී. මෙම ඔරලෝසු මාදිලි 3ක් යටතේ නිකුත් කෙරෙනවා. Watch , Sport watch සහ Watch Edition යනු මෙම මාදිලි 3යි. ඇලුමිනියම් Sport Edition ඔරලෝසඅවක මිල ආරම්භ වන්නේ ඩොලර් 349න්, එහි ප්‍රමාණ 2 ක් පවතිනවා.38mm හා 42 mm ඔරලෝසුව ඩොලර් 399ක් වෙනවා. මල නොබැමෙන වානේ වලින් සාදා ඇති ඔරලෝසු කාණ්ඩයට අයත් ඔරලෝසු වල මිල ගණන්...