Skip to main content

Are your Lap Top battery show wrong details every time ????


ඔබේ ලැප්ටොප් බැටරිය වැරදි තොරතුරු ලබා දෙනවාද???


මෙන්න විසදුම
     
    ඔබ නිසි පරිදි ලැප්ටොප් පරිඝණකයේ බැටරිය පිළිබද සැලකිලිමත් වනවා නම් එය සම්පූර්ණයෙන්ම බැස යාමට ඉඩ නොදිය යුතුය.එසේම සියයට 10 ට වඩා අඩු මට්ටමට බැටරිය බැසගිය වහාම එය නැවත 100% ක මට්ටමට චාර්ඡ් කල යුතු අතර බැටරිය සුලු වශයෙන් බැසගොස් ඇතිවිට එය චාර්ඡ් නොකල යුතුය.

කොතරම් හොදට ලැප්ටොප් පරිහරණය කලද ඒවායේ බැටරි කාලයත් සමග දුර්වල වීම සාමාන්‍යයි.කෙසේ වෙතත් බොහෝ ලැප්ටොප්වල බැටරිය අවප්‍රමාණ වූ විට එහි තවත් කොපමණ කාලයක් සදහා බැටරි බලය ඇත්දැයි පෙන්වයි.මෙම තොරතුරුවලට අනුව සමහර ලැප්ටොප් මිනිත්තු 20 ක් පමණ භාවිත කල හැකි බව පවසා සිටියද හිටි හැටියේම බැටරිය බැසගොස් ක්‍රියා විරහිතවීම සුලභ කරුණකි.

     මෙයට හේතුව වන්නේ භාවිතය, කාලය , උෂ්ණත්වය වැනි සාධක නිසා බැටරියේ තත්වය වෙනස් වීමත් සමග පරිඝණක මෘදුකාංග වලට බැටරියේ නිසි නිර්ණය කිරීමක් කිරීම අපහසු වීම නිසාය.මෙම ගැටලුව විසදා ගැනීමට නම් ඔබ මාස දෙකකට තුනකට වරක් වත් බැටරිය   Top - Up  කල යුතුය. මෙය බැටරිය Calibrate කිරීම ලෙසද හදුන්වයි. මෙමගින් ඔබේ බැටරියේ ආයුකාලය දීර්ඝ වන අතර පරිඝණකයේ දර්ශණය වන බැටරි බලය හා බැටරි කාලය බොහෝ දුරට නිරවද්‍යවම දර්ශනය වනු  ඇත.

              බැටරිය Calibrate කරන ආකාරය ඔබේ ලැප්ටොප් එකෙහි Manual  එකෙහි නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙහි අඩංගු වන අතර එය සිදු කරන ආකාරය පහත පරිදි වේ.


  1. ඔබේ ලැප්ටොප් බැටරිය 100% ක් charge කර ගන්න.
  2. විදුලිය සම්බන්ද කර තිබියදීම පරිඝණකය පැය දෙකක් පමණ භාවිත නොකර තිබෙන්නට ඉඩ හරින්න.මෙවිට බැටරිය රත්වී ඇත්නම් සිසිල් වී සාමාන්‍ය උෂ්ණත්වයකට පත්වනු ඇත.
  3. ඔබගේ පරිඝණකයෙහි control panel හි  power options හි  change when the computer sleeps වෙත පිවිසෙන්න.එහි on battery යටතේ  turn off display හා ' put the computer to sleep' ලෙස  drop down menu දෙකක් ඇත.ඒවා බොහෝ දුරට 5 minutes හා 15 minutes ලෙස සකස් කර ඇති අතර ඒ දෙකට never යන තත්වතට මාරු කරන්න. ( calibrate කල පසු නැවත පෙර තත්වයට මාරු කල යුතු ය.
  4. එම මෙනුවෙහිම change advanced power options වෙත පිවිස එහි battery යන අංශයට පිවිසෙන්න. මෙහි Critical Battery Action යන්නට sleep හෝ Hibernate යන්න ලබා දෙන්න. ඉන්පසු critical battery level යන්නට 5% ක් ලබා දෙන්න.
  5. දැන් පරිඝණකය විදුලියෙන් විසන්දි කර බැටරිය සම්පූර්ණටයන් බැස යන්නට හරින්න.සාමාන්‍ය පරිදි පරිඝණකය භාවිතා කිරීමට හැකි වුවද games ක්‍රීඩා කිරීම , අන්තර්ඡාලයේ හැසිරීම වැනි දැඩිව බැටරියට බලපෑම් කරන ක්‍රියාවන්ගෙන් වලකින්න.
  6. බැටරිය සම්පූර්ණයෙන්ම බැසගොස් පරිඝණකය අක්‍රීය වූ විට එය පැය 5ක් පමණ එලෙසම තිබෙන්නට හරින්න.
  7. දැන් ඔබේ පරිඝණකය 100% ක් charge කරන්න. ඉන්පසු 3 වන පියවරේ සිදුකල වෙනස්කම් නැවත පෙර තත්වයට පත් කරන්න.
මෙම ක්‍රියාවලියෙන් පසු ඔබේ පරිඝණකය නැවත වඩාත් නිවැරදි බැටරි තොරතුරු ඔබට ලබාදෙනු ඇති අතර හදිසියේම අක්‍රීය වීම අවම වනු ඇත. මෙම ක්‍රියාවලිය මාස 2 - 3 කට වරක් කිරීම ඔබේ බැටරි ආයු කාලය දීර්ඝ කරනු ඇත.

හැමෝටම දැනගන්න මෙම ලිපිය SHARE කරන්න.

Comments

Popular posts from this blog

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

To Beat Diabetes

දියවැඩියාව පරදන්නට නම්             රුධිරයේ සීනි වැඩි වීම දියවැඩියාව වේ.අග්න්‍යාසයේ තිබෙන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරනු ලබයි. ඉන්සියුලීන් හෝමෝනයේ ක්‍රියාකාරීත්නයේ මදිකම නිසා හෝ ඉන්සියුලීන් හෝමෝනයේ වූණතාවය හේතුවෙනි දිය වැඩියා තත්වය ඇතිවේ. දියවැඩියා රෝගය නිට්ටාවට සුවකල නොහැකි අතර රෝග පාලනය සදහා රෝගියාගේ කැපවීම අත්‍යාවශ්‍ය වේ. කෙසේ වෙතත් මනා රුධිර සීනි පාලනය මගින් දියවැඩියා රෝගීන්ටද සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කල හැක. දියවැඩියා රෝගයෙහි සීනි පාලනය නොකළහොත් විනාශකාරී සංකූලතා ඇති විය හැක.වකුගඩු රෝග , පෙනීමේ දුර්වලතා , ලිංගික අප්‍රාණිකත්වය , ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ වේ. දියවැඩියා රෝගයට බලපාන හේතු මානසික ආතතිය ආරය තරබාරුකම අධික ආහාර අනුභවය හා ව්‍යායාම අඩුකම උපත් බර අඩු දරුවන් ගර්භණී කාලයේ දියවැඩියාව ඇතිවූ මව්වරුන් දියවැඩියා රෝග ලක්ෂණ තොල කට වියලීම නිතර පිපාසය තෙහෙට්ටුගතිය නිතර ඇතිවන කුසගින්න ශරීරයේ බර කෙටිකාලයකදී අඩුවීම රාත්‍රී නින්දෙන් අවදිවී මුත්‍රා පය කරන වාර ගණන වැඩිවීම රෝග විනිශ්ච පරීක්ෂණ ආහාර ගෙන මද වේ...

‍FISH OIL IS AN AMBROSIA ??

 ලෙඩ සුව කරන මත්ස්‍ය තෙල් ඔබත් ආහාරයට එකතු කර ගන්නවාද ????  .                              සාඩින්,මැකරල්,ටූනා,හෙන්රි,ට්‍රවුටි හා සැමන් යන මත්‍ස්‍යයන්ගෙන් නිස්සාරනය කරන මත්ස්‍ය තෙල් බොහෝ ලෙඩ සඳහා වටිනා ඔසුවක් බව සොයාගෙන ඇත.ඔ‍මෙගා 3 මේද අම්ල වන DHA (docosahekxaenonic acid) සහ EPA (eicosapentaenoic acid) යන මේද අම්ල මත්ස්‍ය තෙල් වල අඬංගු වීම මෙයට හේතුවයි.මීට අමතරව විටමින් A හා D ද පවතී.මත්ස්‍යයන් ඇල්ගී අාහාරයට ගැනීම හරහා මෙම EPA ඔවුන්ගේ ශරීර ගත වන බවට කරනලද පර්යේෂණ වලින් අනාවරනය වී ඇත.DHA යනු මිනිසාගේ මොලයේ,ඇසෙහි හා සුක්‍රාණු වල ඇති ප්‍රධාන මේද අම්ල සංඝටකයක් බවට සොයාගෙන ඇත.මොලයේ ඇති බහු අසංතෘප්ත අම්ල අතරින් 40% ක් පවතින්නේ මෙම DHA මේද අම්ලය බවට සොයාගෙන ඇත. නිව්රෝන ප්ලාස්මා පටලයේ ස්කන්දයෙන් අඩක්ම මෙම DHA මේද අම්ලය අඩංගු බවට සොයාගෙන ඇත.DHA මේද අම්ලය මව්කිරි වලද බහුලව දැකිය හැක. එදිනෙදා අාහාර සමග DHA මේද අම්ලය අවශ්‍ය පරිදි ලබා ගැනීම මගින් වයසත් සමග ඇතිවන දෘෂ්ඨී දෝෂ අවම ...