Skip to main content

ADVICE FOR REDUCE YOUR DATA COST



DATA වියදම අඩු කරගැනීමට උපදෙස්...



                                        WIFI භාවිත නොකරන දුරකතන හෝ ටැබ්ලට්වල ඇති DATA සබදතාව භාවිත කරමින් අන්තර්ඡාලයට සම්බන්ධ වන ඔබට ඇති ප්‍රබලම ගැටලුවක් වන්නේ DATA හෙවත් දත්ත සදහා වැයවන අධික මිලයි.ශ්‍රී ලංකාවේ ඡංගම උපාංග අන්තර්ඡාල වියදම් තරමක් ඉහල බැවින් මෙය අඩුකර ගත හැකි ක්‍රම පිලිබදව අද දැනගනිමු.

වත්මන් ඡංගම දුරකලනවල චින්තක බලය සාමාන්‍ය පරිඝණක යන්ත්‍රයට සමාන බැවින් 2G හෝ ඊට පෙර සේවා වලදී මෙන් GPRS වැනි ක්‍රමවේද හරහා ඡංගම දුරකතන සදහා විශේෂයෙන් නිර්මාණය කල අන්තර්ඡාල සංස්කරණ වලට පිවිසීම අවශ්‍ය නොවේ.එබැවින් ඡංගම උපාංගවලින් අන්තර්ඡාලයට වර්තමාණයේ පිවිසෙන්නේ අදාල වෙබ් අඩවියේ ප්‍රධාන සර්වරයටය.මෙය ප්‍රධාන වශයෙන් සකසා ඇත්තේ HD ඡායාරූප, විශ්ෂ FLASH අයිතම හා අනෙක් දත්ත ගොනු සහිතව පරිඝණක වලට ගැලපෙන අයුරිනි.එබැවින් ඡංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් මෙවන් වෙබ් අඩවිවලට පිවිසීම සැබවින්ම මිල අධිකය. නමුත් ඡංගම උපාංගවල කුඩා තිරවලට මෙවන් විශාල දත්ත අවශ්‍ය නොවේ. මෙලෙස අනවශ්‍ය පරිදි විශාල දත්ත ගොනු ඡංගම දුරකතනයට ගැලපෙන පරිදි කුඩා කිරීම DATA COMPRESSION නමින් හැදින්වේ. මෙලස COMPRESS කරන ලද දත්ත දාමයක් හරහා ඡංගම උපාංග වලින් අන්ගර්ඡාලයට පිවිසීම සෑම අතින්ම වාසි සහගතය. දත්තවල ප්‍රමාණ කුඩා කර ඇති බැවින් වියදම අඩුවීම සාමාන්‍ය දෙයක් වන අතර වෙබ් පිටු කඩිනමින් විවෘත වීමද අතිරේක වාසියකි.

                          ඡංගම උපාංග සදහා ලබාගතහැකි Google Chrome හා Opera යන බ්‍රව්සර් ද්විත්වයේම මෙසේ DATA COMPRESSION පහසුකම් අඩංගු කර ඇත.


Google Chrome සදහා

         දත්ත භාවිතය අවම කිරීම සදහා ඔබ කල යුත්තේ chrome ඇප් එක විවෘත කර එහි ඉහල දකුණු පසින් ඇති තිත් තුනක් ලෙස දර්ශණය වන menu විධානය ස්පර්ශ කර එහි settings වෙත පිවිසීමයි. settings වල පහලින් ඔබට " Data Server " ලෙස විධානයක් දක්නට ලැබේ. එය තුලට පිවිස එහි දකුණු පස ඉහල ඇති off විධානය ස්පර්ශ කලවිට එය on ලෙස වෙනස් වනු ඇත. දැන් ඔබගේ chrome බ්‍රව්සරයේ දත්ත කුඩා කිරීම හෙවත් Data Compression සක්‍රීය වී ඇත.

Opera සදහා


         දත්ත භාවිතය අවම කරන පහසුකම හැදින්වෙන්නේ " off -Road mode " යන නමෙනි. ඔබ අන්තර්ඡාලයේ සැරිසැරිමට භාවිත කරන්නේ Opera නම් එහි ඇති O අකුරක් වැනි settings මෙනුවට පිවිස එහි ඇති Off - Road mode විධානය සක්‍රීය කළ හැක. wifi මගින් අන්තර්ඡාලයට සම්බන්ධ වීමේදී සිම්පතෙන් දත්ත ගිලිහීමක් නොවන බැවින් ඔබට wifi හරහා අන්තර්ඡාලයට පිවිසෙන විට අවශනම් ඉහත බ්‍රව්සර් වල මෙම පහසුකම අක්‍රීය කල හැකිය.කෙසේ උවද ඔබේ බ්‍රව්සරයේ  e-bay හෝ face book වැනි ආරක්ෂණය කරන ලද "https" වෙබ් අඩෙවි වලට පිවිසීමේදී මෙම දත්ත හැකිලවීමේ පහසුකම ක්‍රියාත්මක නොවන බව සිහි තබා ගත යුතුය. එබැවින් එවැනි වෙබ් අඩෙවි වල ( සමාඡ ඡාල , e-mail ,අන්තර්ඡාල වෙළදපොල ) ඡංගම දුරකලන ඇප් එක ඔබේ ඡංගම උපාංගයට ස්ථාපනය කිරීමෙන්ද සැලකියයුතු දත්ත ප්‍රමාණයක් ඔබට ඉතිරි කරගැනීමට හැකි වනු ඇත. 






Comments

Popular posts from this blog

VITAMIN E

විටමින් E වැඩිපුර ගැනීම අවදානම්...      කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ගැටලු වලට පිලියමක් ලෙස , විටමින් ඊ විවිධ ආකාරයෙන් ලබා ගන්නා අයුරු දක්නට ලැබේ.එවැනි රූපලාන්‍ය ගැටලු අතර අධිකව කෙස් හැලීම සහ සමේ ඇතිවන ඇතැම් ගැටලු දක්නට ලැබේ. නමුත් , විටමින් උෘනතාවක් ඇතැයි විධිමත්ව හදුනා නොගෙන හිතුමතේ විටමින් ඊ පමණක් නොව වෙනත් විටමින් වර්ගද ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න නොවේ. විටමින් උෟනතාවක් නොමැතිව හිතුමතේට විටමින් වර්ග ගැනීමෙන් වාසියක් අත්වනවාට වඩා සිදුවන්නේ හානියක් සිදුවනබව වටහා ගත යුතුය.                                                                                                 විටමින් ඊ වැඩිපුර ගැනීමෙන් වන හානි... විටමින් ඊ යනු  මේදයේ දිය වන , ඡලයේ දිය නොවන විටමින් වර්ගයකි. එම නිසා ශරීරය තුල විටමින් ඊ ගබඩා වී පවතින්නේ මේද පටක වලය. එය ...

VITAMIN C

හිතුමතේට නොගතයුතු විටමින් C         විටමින් වර්ග භාවිතයට බොහෝ දෙනෙකු වර්තමානය වනවිට පෙලබී ඇත.හිතුමතේය මේ ලෙසට විටමින් වර්ග ගැනීම සුදුසු නොවේ. මෙසේ හිතුමතේට ගන්නා විටමින් වර්ග අතරින් විටමින් C බහුලව දැකිය හැක.මීට හේතුව ලෙස විටමින් C පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇබුල් රසයෙන් වීමත් දැක්විය හැක.     විටමින් C යනු "ඇස්කොබික්" ඇසිඩ් වර්ගයටය.මෙය ප්‍රතිඔක්ෂිකාරක කාබන් වර්ගයකි.එමෙන්ම මෙය ඡල ද්‍රවී හෙවත් ඡලයේ දියවන කාබන් වර්ගයකි.විටමින් C බහුලව නෙල්ලි,පේර,තක්කාලි වැනි පළතුරු වල පවතී. ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට මෙම විටමින් C යම් ප්‍රමාණයක් අවශ්‍ය වේ.ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන වේ.එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් C පහසුවෙන් ලබාගත හැක.විටමින් C ශරීරයට වැඩි උවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් ඉවත් වේ.මෙම විටමිනය රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් නිර්දේශ නොකරයි. විටමින් C රෝග සඳහා වෛද්‍යවරු අනුමත කරනු ලබන අවස්තා. ආහාර මගින් විටමින් C ලබාගත හැකි පුද්ගලයින්ට. තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී. මුත්‍රා ආසාදන ...

SKYPE TRANSLATOR

WINDOWS 8 හා 8.1 පරිශීලකයින්ට SKYPE TRANSLATOR SKYPE තාක්ෂණයේ නවතම හදුන්වාදීම SKYPE TRANSLATOR මගින් පුදුම හිතෙන සංවාදයක් ... සියලු විස්තර දැනගන්න , කියවන්න LINK http://wistharalokaya.blogspot.com/2015/07/skype-translator.html          සංනිවේදනය යනු දල වශයෙන් පාර්ශව දෙකක් අතර අදහස් හුවමාරු කර ගැනීමකි.එබැවින් සංනිවේදනය කිරීමකදී ප්‍රධානතම නිර්ණායකයක් වන්නේ භාෂාවයි.මෙහිදී සන්නිවේදනයේ යෙදෙන පාර්ශව දෙකම භාවිත කරන්නේ එකම භාෂාවක්නම් නිදහසේ පහසුවෙන් සංනිවේදනයේ යෙදීමට හැකිය.නමුත් අදාල පාර්ශව දෙකම වෙනස් භාෂා දෙකක් භාවිත කරයිනම්,සංනිවේදනය තරමක් අපහසු වීම සාමාන්‍ය කරුණකි.                   මෙම ගැටළුව විසඳීම සඳහා මීට මාස කීපයකට පෙර Microsoft සමාගම මගින් skype සඳහා නවතම විශේෂාංගයක් හඳුන්වා දෙන ලදී.මෙය හැඳන්වූයේ skype translator යන නමිනි.  skype translator හි අරමුණ වන්නේ එකිනෙකට වෙනස් භාෂා දෙකක් කථාකරන පුද්ගලයන් දෙදෙනෙකුට බාධාවකින් තොරව එකිනෙකා සමග අදහස් හුවමාරු කරගැන‍ීමට ඉඩ සැලසීමයි.     ...